தமிழ்
English
Contact
Friday 3rd May 2019    
මාලදිවයින් පාර්ලිමේන්තුව හමුදාවෙන් වටලයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාලදිවයින් පාර්ලිමේන්තුව හමුදාවෙන් වටලයි!



අද (24) මාලදිවයින් පාර්ලිමේන්තු කථානායක අබ්දුල්ලා මසීෂ් මොහොමඩ්ට එරෙහි දෝෂාභියෝගයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබුණද එය වළක්වමින් වළක්වාලමින් එරට හමුදාව විසින් පාර්ලිමේන්තුව වටලා තිබේ.

මාලදිවයින් ජනාධිපති අබ්දුල් යාමින්ගේ නියෝගයක් මත එරට හමුදාව පාර්ලිමේන්තුව වටලා තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන නමුත් එහෙත් මාලදිවයින් රජය මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නැත. කථානායකවරයාට එරෙහි දෝෂාභියෝගය සදහා ඡන්ද විමසීමක් පැවැත්වීම වැළැක්වීමේ අරමුණින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වටලන ලෙස හමුදාවට නියෝග කර ඇති බවයි මාලදිවයින් විපක්ෂය චෝදනා කර ඇත. මාලදිවයිනේ ජනාධිපති යාමීන් අබ්දුල් ගයූම්ගේ නියෝග මත පාර්ලිමේන්තුවේ දොරටු වසා දමා මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු භූමියට පිවිසිමෙන් වැළැක්වීමට හමුදාව පියවර ගත් බව වාර්තා විය.

මාලදිවයින් ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව නීති විරෝධි සහ ව්‍යවස්ථාවට පටහැනි දෙයක් බව එරට විපක්ෂය නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වේ.