Posted on 08.21.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මහඉලුප්පල්ලම ක්‍ෂේත්‍ර භෝග පරීක්ෂණ ආයතනය වසර 150කට බංගලාදේශ සමාගමකට විකුණා දැමීමට විරෝධය පළකරමින් අද(21) දින එම ආයතන පරිශ්‍රය ඉදිරිපිට උද්ගෝෂණයක් සංවිධානය කර තිබුණි.
වසර 67ක කාලයක් ශ්‍රී ලංකේය කෘෂි කර්මාන්තයට ඉමහත් සේවාවක් සිදු කල මෙම ආයතනය මෙලෙස වසර 150කට බදු පදනමට ලබා දෙන්නේ තවත් වසර 105ක් ලෙස ගිවිසුම වෙනස් කර ගැනීමේ ප්‍රතිපාධානද සහිතව බවත් ඒ අනුව පරම්පරා ගණනාවක ගොවි ජනතාවට මෙතෙක් හිමිවූ සේවාවන් අහිමි වන බවත් විරෝදතාකරුවන් චෝදනා කර සිටී.
දිවයිනේ බීජ අවශ්‍යතාවයෙන් 90%ක් සපයන මෙම පරීක්ෂණ ආයතනය සම්බන්ධව කිසිදු වග විභාගයකින් තොරව මෙලෙස විකුණා දැමීම පිළිබඳව මින් පෙර සමස්ත ලංකා බීජ නිෂ්පාදන සංගමයද දැඩි අප්‍රසාදය පළකර තිබුණි.
කෙසේ වෙතත් මෙම ක්‍ෂේත්‍ර භෝග පරීක්ෂණ ආයතනය, ඊට අයත් භුමිය සහ යන්ත්‍ර සූත්‍ර බංගලාදේශය ලාල්ටීය සීඩ් නමැති පෞද්ගලික සමාගමට වසර 150ක බදු පදනමට ලබා දීමට අදාළ අවබෝදතා ගිවිසුම මේ වනවිට කෙටුම්පත්කර අවසන් බව වාර්තා වේ.