தமிழ்
English
Contact
Thursday 23rd November 2017    
මැරතන් රැජින, නිලූකා රාජසේකර ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ! « Lanka Views | Views of the truth

මැරතන් රැජින, නිලූකා රාජසේකර ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් !



දිගු දුර ඉසව්වකින් ලෝක ශූරතා, ඔලිම්පික් වරම් ලද ප්‍රථම ක්‍රිඩිකාව, ගීතානි නිලූකා රාජසේකර මේ වනවිට සිය ක්‍රීඩා කටයුතු සදහා අවශ්‍ය රාජ්‍ය හෝ වෙනත් අනුග්‍රාහකත්වයක් නොමැතිවීමෙන් ගැටලු රැසකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ.
නිලූකා රාජසේකර සිය පෞද්ගලික මුදලින් වියදම් කර විදේශයන්හි පැවැත්වෙන ක්‍රීඩා තරග වලට ලංකාව නියෝජනය කරමින් සහභාගී වූවාය. තම දක්ෂතා දියුනු කරගනිමින් 2020 ඔලිම්පික් තරගයට සූදානම් වෙමින් සිටින ඇය මේ වනතුරු කිසිදු සංචිතයකට ඇතුළත් කර නැත. එසේම ඇයගේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් හෝ ක්‍රීඩා අමාත්‍යංශයෙන් කිසිදු මුදලක් ලැබෙන්නේ නැත. එපමණක් නොව ලංකාවේ ඔලිම්පික් ක්රිරඩකයන් බිහිකිරීම වෙනුවෙන්ම පිහිටුවා ඇති ‘ජාතික ඔලිම්පික් කමිටුවෙන්‘ කිසිදු වරප්‍රසාදයක් ඇයට හිමිව නැත.
ජාතික මැරතන් වාර්තාව විනාඩි 11 කින් (තත්පර 660)ක් දක්වා අඩුකර ලාංකීක දිගුදුර ඉසව්ව අලුත් මානයකට ගෙනා ක්‍රීඩිකාව වුවද ඇය වසර 28ක් ජාතික ජාත්‍යන්තර තරග බිමේ සිටින ප්‍රවීනතම ක්‍රීඩිකාවයි. ඇයගේ මැරතන් ධාවනයේ හොදම දක්ෂතාවය පැය 2. විනාඩි 40ක් ලෙස වාර්තා වී තිබේ. මේ වසරේ හොදම දක්ෂතාවය පැය 2 විනාඩි 47 කි. ඒ අනුව, 2020 ඔලිම්පික් පරිසාධන මට්ටම වන පැය 2. විනාඩි 45 කාලයට ආසන්නයේම සිටින ක්‍රීඩිකාව ඇයයි. මේ තරම් හැකියාවන් පෙන්වා ඇති නිලූකාට ක්‍රීඩා බලධාරීන් විසින් පසුගිය වසර දෙක තුළ කිසිදු පුහුණු තරගයක් ලබා දී නැත. ඇගේ ක්‍රීඩා ජිවිතය විනාශ කිරිමේ කුමන්ත්‍රණයක් ඇති බවට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ඇයට සමීප බොහෝ දෙනා ප්‍රකාශ කරති.
මේ තත්වය තුල ඇය මහත් අධෛර්යයට පත්ව පුහුනුවීම් නවතා දමන්නට තරම් මානසික වශයෙන් පීඩාවකට ගොදුරුව සිටින බව වාර්තා වේ.