தமிழ்
English
Contact
Thursday 23rd November 2017    
(VOICE) රනිල් – මෛත්‍රි හවුල වගේම රාජපක්ෂලාත් අධිරාජ්‍යවාදී සැලැසුම්වලට පක්ෂපාත පිරිසක් – කුමාර් ගුණරත්නම් « Lanka Views | Views of the truth

(VOICE) රනිල් – මෛත්‍රි හවුල වගේම රාජපක්ෂලාත් අධිරාජ්‍යවාදී සැලැසුම්වලට පක්ෂපාත පිරිසක් – කුමාර් ගුණරත්නම්



ව්‍යාජ අධිරාජ්‍ය විරෝධයක් පෙන්වන රාජපක්ෂගේ ඒකාධිපති ජාතිවාදී පාලනය ජනතාව ප්‍රතික්ෂේප කළ නමුත් මෛත්‍රිපාල සිරිසේන බලයට පත් කිරීම සදහා ද අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රමුඛ කරගත් වැඩපිළිවෙළක් දියත් වූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ‘අධිරාජ්‍යවාදී දඩයම අබිමුව පොදුජන අරගලය‘ යන තේමාවෙන් අද (19)ගම්පහ සණස ශාලාවේ පැවති සම්මන්ත්‍රණයේදී ඔහු මේ බව පැවසීය.

“මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති ජාතිවාදී පාලනය ජනතාව ප්‍රතික්ෂේප කරපු තත්වය තුල 2015 ජනවාරි 8වැනි දා මෛත්‍රිපාල සිරිසේන බලයට පත් කිරිම සදහා අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රමුඛ කරගත් වැඩපිළිවෙළක් දියත් වුණා. රාජපක්ෂගේ මර්දනකාරී දූෂිත පාලනය නිසා ඒකට ගැලපෙන ජනතා විරෝධයක් වර්ධනය වෙලා තිබුණෙ….

“අදත් රාජපක්ෂ වටේ ඉන්න බලවේග තුළ ඇත්තටම අධිරාජ්‍ය විරෝධයක් තියෙනවද? අධිරාජ්‍යවාදය විසින් ඉදිරිපත් කරන වැඩපිළිවෙළට මේ අයගෙන් විරෝධයක් නෑ. පවතින රනිල් මෛත්‍රි ආණ්ඩුව වගේම ඔවුන් කටයුතු කරන්නෙත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව දෙන වට්ටෝරුව අනුවයි. 2005 සිට පැවති රාජපක්ෂ පාලනය ඊට හොදම උදාහරණයක්. ඉතින් මේ අය ව්‍යාජ අධිරාජ්‍ය විරෝධයක් ගෙන යන්නෙ. මේ ආකාරයට තමන් තෝරාගත් කදවුරට එරෙහිව පමණක් සටන් පාඨ ගැනීම නිසා ඔවුන් හරහා නිර්මානය වෙන්නෙ ජාතිකවාදය සහ ජාතිවාදය….“

පැය දෙකකට අධික කාලයක් දේශනය කරමින් ඔහු ලෝකයේ අධිරාජ්‍යවාදයේ ස්වභාවය හා ලංකාවේ ආර්ථිකය අධිරාජ්‍යවාදයේ ලාභ අවශ්‍යතාවන්ට යටත් කිරිම පිළිබද අදහස් පළ කළේය.

ඔහුගේ සම්පූර්ණ අදහස් දැක්වීමට මෙතැනින් සවන් දෙන්න –Kumar Gunaratnam on Imperialism