தமிழ்
English
Contact
Saturday 21st October 2017    
කුලියාපිටිය මධ්‍ය විදුහලේ විදුහල්පතිගෙන් හමුදා පාගමනක්! « Lanka Views | Views of the truth

කුලියාපිටිය මධ්‍ය විදුහලේ විදුහල්පතිගෙන් හමුදා පාගමනක්!



වයඹ පලාතේ පාසලක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙන කුලියාපිටිය මධ්‍ය විදුහලේ වාර්ෂික පාගමන හමුදා පාගමනක ස්වරූපයෙන් සංවිධානය කරන බවට විවේචනයක් එල්ල වී ඇත.

පාසලේ වාර්ෂික පාගමන පාසල් සිසුන්, ආදි ශිෂ්‍ය, ගුරවර, මවුපිය හා ප්‍රෙද්ශවාසීන් හා සුබපතන්නන් විසින් සංවිදානය කරමින් පාසලේ ප්‍රවර්ධනයට කටයුතු කරන ක්‍රමයකි. බොහෝ පාසල් එම ප්‍රචාරක ප්‍රවර්ධන ක්‍රමවේදය අනුගමනය කරයි. එහෙත් මෙම විදුහල්පතිවරයා යටතේ මිලිටරිකරණය කළ පාගමනක් සංවිධානය කරන බවට චෝදනා නැගී ඇත්තේ එම පාගමනේදී ශිෂ්‍යයන්ට අන්දවන ඇදුම් හා වෙනත් ප්‍රචාරක උපක්‍රම නිරීක්ෂනය කිරිමෙනි. 2015 හා 2016 වසරවල විදුහලේ පාගමනට නිර්මාණය කළ ටී ෂර්ට් සමග සසදා බලන විට මෙවර එනම් 2017 ඔක්තෝබර් 21 වැනිදාට නියමිත පාගමන සදහා හමුදා භටයන්ට උචිත අන්දමේ ටීෂර්ට් නිර්මාණය කර ඇත. පාසල් සිසුන්ට මෙවැනි ඇදුම් ඇන්දවීමෙන් විදුහල්පතිවරයා උත්සාහ දරන්නේ තමන් ඇද සිටින හා පාසල තුල අත්තනෝමතික පාලනයට උපයෝගි කරගන්නා මිලිටරි ක්‍රමය ශිෂ්‍යයන් මත පැටවීමටදැයි අධ්‍යාපන ක්ෂේත්‍රෙය් විද්වතුන් පවා ප්‍රශ්න කර තිබේ.

මෙම විවේචනයට භාජනය වන්නේ විදුහලේ විදුහල්පතිවරයා සහ ඔහු සමග එක්ව සිටින ආදි ශිෂ්‍ය කණ්ඩායමකි. පාසලේ අධයාපනික මනෝභාවයක් ගොඩනගනු වෙනුවට කෘත්‍රිම විනයක් හා හමුදා මනොභාවයක් ඇතිකරමින් පාලන කටයුතු ගෙනයන බවට ඇතැම් ගුරුවරු, මවුපියන් හා ශිෂ්‍යයන් විදුහල්පතිවරයාට චෝදනා කරයි. එච්.එම්.ඒ. හේරත් නමැති ඔහු කර්නල් තනතුරක් උසුලන හා ඊටත් වඩා මිලිටරි මානසිකතත්වයකින් හා ගුරු වෘත්තියට තරම් නොවන අනම්‍යභාවයකින් කටයතු කරන්නකු ලෙස සමාජ අවදානයට පාත්‍ර වූයේ පසුගිය කාලයේ සෛ්බුක් කවියක් නිසා එම විදුහලේ ගුරුවරයකුගෙන් පලිගැනීම නිසාය. කුෂාන් ශාලික හේරත් නමැති කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ තාක්ෂණවේදය විෂය උගන්වන එම ගුරුවරයා ලියු එම කවිය මෙසේය.

දුයිෂෙන් දැන් ටියුෂන් එකක

අයිලයේ තැන් තැන් වල_
පෝස්ටර් වල මූණ දාගෙන
ඔයා හිනැහෙනව ඒ වාගෙම
විස්වාස කරන්නත් අමාරුයි
දුයිෂෙන්න් මේ ඔයාමද….?

 
කළු රබර් පාවහන්
දූවිලි මිරිවැඩි අරන්
ආ පැටවු මත්තේ නැහුණු
මහා හදවත මරං
ඇයි ඔයා මෙහෙ ආවෙ
ඇමති පස්සෙන් ගිහින්
සිදාදියකට මාරුවක් හදං
මමත් දැන් මෙහෙ
කතිර මැස්මටම හුරු වෙනව
ජුකී මැශිමටම ජීවිතේ දිය වෙනව
ෆැක්ටරිය ඇතුලෙම
දවල් රෑ එලි වෙනව
ඔයින් මෙයින් කල වයස ගෙවිලා
ජීවිතේ ශිෆ්ට් එක පහුවෙනව
වසන්තය එනවා සත්තයි
දුයිශෙන් ඔයා කීවම
මමත් හිතුවේ එහෙමයි
ඒත් අයිලයට තවම ගිම්හානෙ
අප්පච්ව්ලාගේ ජීවිතේ කටුකයි
සල්ලි බාගේ හිඟ තැන
අම්මත් ගියා මුහුද පහු කරහෙන
එයාගෙනුත් තොරතුරක් නෑ
ගේ උනත් දැන් හුඟක් පාලුයි
පිදුරු අතුලා අටවපු
ඉස්කෝල මඩුවේ
මතකද එල්ලාපු ලෙනින්ගෙ පින්තූරේ
මම දැක්ක ඔයාගේ ටියුට් වල
පිටිපස්සෙ පිටුවේ
විප්ලවේ දැන් දරුණුයි නේද
නගරෙ ටියුෂන් ක්ලාස් අතරේ
කඩදාසි පිටු වලට
නම වැටෙනකොට ලොකුවට
සාරයිද මගෙ ගුරුතුමනි ජීවිතය
කටුක ගිම්හානයට,
ශීත හිම සුලියකට හසුනොවී
ගුරුතුමනි,
වසන්තය නුඹ ගන්න
අයිලයට වුනත් මොකටද
අපි හැර කවුරුවත් නාඳුනන
කැහැටු පොප්ලර් අතු ටික
කඩදාසි කලහැකිනම්
ඒ ගස් දෙකත් නුඹ ගන්න“

තරුණ ගුරුවරයා මෙම පළිගැනීමේ සිදුවීම නිසා මහත් පීඩාවකට ලක් විය. ඔහුගෙන් විදුහල්පතිවරයා කොතරම් පළිගත්තේද යත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඔහු කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයට දඬුවම් මාරුවකට ලක් කර තිබේ. අධ්‍යාපන ඇමති අකිල විරාජ් සමග විදුහල්පති සමීපව ගනුදෙනු කරන බවද කියැවේ. පාසලේ ගුරුවරුන් විසින් මෙම තත්වයපිළිබද අධයාපන බලධාරින්ට මෙන්ම පොලිසියටද පැමිනිලි කර තිබිණි. අධ්‍යාපන අමාත්‍යාංශයේ වංචා විමර්ශන ඒකකයේ නිලධාරීන් පසුගිය ජනවාරි 23 වැනි දින හදිසියේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට පැමිණ එම ගුරුවරයාගෙන් කවි ලිවීම හා ඒවා ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබුණි. ගුරුවරයකුව සිටිමින් කවි ලිවීම නිසා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයටත් අධ්‍යාපන අමාත්‍යාංශයටත් අපහාසයක් වන බවට විමර්ශකයන් විසින් ගුරුවරයාට චෝදනා කර ඇත. එසේම කවි ලිවීමෙන් “ගුරු භවතුන් හෝ සිසු දරුවන් උසි ගන්වනවාද” යනුවෙන්ද එම විමර්ශන කණ්ඩායම ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණි.

එහෙත්, විමර්ශනයෙන් පවා එම ගුරුවරයාට එරෙහිව කිසිදු චෝදනාවක් ඔප්පු කර ගත නො හැකි විය. එයින් පසුව විදුහල්පතිවරයා විසින් ගුරුමාරුව සිදුකර ඇත්තේ සේවා අවශ්‍යතාවය නමැති හේතුවට ආවරණය වෙමිනි.

මහින්ද රාජපක්ෂ සමයේ විදුහල්පතිවරුන්ට යුද හමුදා පාඨමාලාවක් හදුන්වාදීමෙන් පසුව මිලිටරි මනෝභාවයෙන් කටයුතු කරන විදුහල්පති පැලැන්තියක් බිහි විය. එහෙත් මෙම විදුහල්පතිවරයා පසුගිය භීෂන සමයේ සිටම චෝදනාවට ලක්වූ නිලධාරියකු බවට චෝදනා එල්ල වී ඇත.

Save

Save