Posted on 10.26.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
රුසියානු ඔක්තෝබර් විප්ලවයේ සියවස වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් 27-28 දෙදින සදහා සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබේ.
ඔක්තෝබර් 27 උදේ 10ට සමරු ප‍්‍රදර්ශනයක් විවෘත කිරීම සඳහා විදෙස් තානාපතිවරුන්, රුසියානු කොමියුනිස්ට් පක්‍ෂ නියෝජිතයන් ඇතුළු විදේශ නියෝජිතයින්, ආරාධිත අමුත්තන් ජවිපෙ නායකයින් සහභාගි වන්නට නියමිතය. එදින සවස 3.00ට වීදි නට්‍ය දර්ශන පවත්වනු ලබන අතර සවස 3.30ට කෘති තුනක් එළිදක්වන්නට නියමිතය. එදින සවස 6.00ට විකල්ප සංස්කෘතික සැඳෑවක් පැවැත්වෙන බවද ජ.වි.පෙ. නිවේදනය කරයි.
28වැනි දින උදේ 9.30ට සමරු ප‍්‍රදර්ශනය ආරම්භ වන අතර පෙ.ව. 10.00ට ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පීන් රැසකගේ සහභාගිත්වයෙන් ඔක්තෝබරයේ සිතුවම නම් චිත‍්‍ර වැඩසටහනක්ද, සවස 2.00ට වීදි නාට්‍ය සංදර්ශනයද ඉන් පසුව ප‍්‍රධාන සමරු උත්සවය ප.ව. 3.30ට ජවිපෙ නායකයන්ගේ සහභාගිත්වයෙන් පවත්වන්නට එම පක්ෂය කටයුතු සූදානම් කර තිබේ. සමරු උත්සවයෙන් පසුව ප‍්‍රවීන ගායන ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් ගීත ප‍්‍රසංගයක් පැවැත්වෙන බවද වාර්තා වේ.