தமிழ்
English
Contact
Saturday 28th October 2017    
චෝදනාවට ලක් වූ ජගත් ජයසූරිය ලංකාවේ සිටියද අත්අඩංගුවට ගත හැකිලු ! « Lanka Views | Views of the truth

චෝදනාවට ලක් වූ ජගත් ජයසූරිය ලංකාවේ සිටියද අත්අඩංගුවට ගත හැකිලු !



හිටපු යුද හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරියට ජාත්‍යන්තර අධිකරණයක චෝදනා එල්ලවීම නිසා තානාපති සේවයට යැවීමට නොහැකිවන අතර ඔහු මෙරටදී පවා අත්අඩංගුවට ගැනිමට හැකි තත්වයක් උද්ගතව ඇත.

බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ජෙනරාල් ජගත් ජයසූරිය වසර දෙකක සිය නිල කාලය අවසන් කර මේ වන විට මෙරටට පැමිණ සිටියි. එසේ වුවද යුද අපරාධ චෝදනා එල්ලවීම නිසා ඇතිව තිබෙන තත්වය යටතේ ඔහුට වෙනත් රටක තානාපති ධුරයක් ලබා දෙන්නට නොහැකි නිසා යළිත් වතාවක් තානාපති සේවයේ කටයුතු කිරීම සඳහා කළ ඉල්ලීම සලකා නොබැලීමට තීරණය කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග හෙළි කරයි.

යුද අපරාධ සම්බන්ධව රෝම ප්‍රඥප්තිය ලංකාව විසින් අත්සන් කර නැති වුවද එයට අත්සන් කළ කිසිදු රටකට ඇතුළු වීමට ජෙනරාල් ජගත් ජයසූරිය උත්සාහ කළ හොත් අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙන බැවින් ඔහුට තානාපති ධුරයකට පත් නොකිරීමට රජය තීරණය කර ඇත. කෙසේවෙතත් ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාව මත ජාත්‍යන්තර පොලිසිය(INTERPOL) විසින් වරෙන්තුවක් නිකුත් කළෙහාත් ඔහු භාරදීමට රජය බැදී සිටින බවද නීති අංශවල මතය වී ඇත. මේ නිසා ජගත් ජයසූරිය සම්බන්ධ ප්‍රශ්නය තවදුරටත් අර්බුදකාරි තත්වයක් ඇතිකරන බවට මත පළ වී ඇත.