Posted on 10.12.2017 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
වයස 18 ට අඩු නම් බිරිඳ සමග වුවත් ලිංගිකව හැසිරීම ස්‌ත්‍රී දූෂණයක් බවට ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(11) දින තීන්දු කර ඇත.
තම බිරිඳ ඇය වයස 15-18 අතර වයසක නම් ඇය සමග ලිංගිකව හැසිරීම දඬුවම් ලැබිය හැකි අපරාධයක් ලෙස මෙම ඓතිහාසික තීන්දුව නවදිල්ලියේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත්කළේය. ඉන්දියාව පුරා සිදුවන ළමා විවාහ තහනම් කිරීමට මධ්‍යම රජය මැදිහත් විය යුතු බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත. ඉන්දීය ව්‍යවස්ථාවේ ඇතුළත් වගන්ති අනුව, බිරිඳ වයස 15-18 අතර කාන්තාවක් නම් ඇය සමඟ ලිංගික එක්‌වීම වරදක් නොවන්නකි. කෙසේ වෙතත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණේ මෙය ළමා අයිතිවාසිකම් හා ජාතයන්තර ප්‍රඤප්ති උල්ලංඝනය කිරීමේ තත්වයක් වන බැවින් එම ඉන්දිය රජයේ නීති සංශෝධනය කරන ලෙසය.
ඒ අනුව එම පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුව එම වගන්තිය සංශෝධනය කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රජයට දැනුම් දීමක් කර තිබේ.