தமிழ்
English
Contact
Sunday 5th May 2019    
මැතිවරණ කාලෙ ළඟය, උමාඔය ජනයා වෙනුවෙන් ඉල්ලා අස්වෙන්නත් හරින් කැමතියිලු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැතිවරණ කාලෙ ළඟය, උමාඔය ජනයා වෙනුවෙන් ඉල්ලා අස්වෙන්නත් හරින් කැමතියිලු!



උමා ඔය ව්‍යාපෘතිය නිසා ජනතාවට සිදුවන හිරිහැර වෙනුවෙන් ආණ්ඩුව මැදිහත් නොවන්නේ නම් තමන් ඉල්ලා අස්වන්නට වුවද සූදානම් බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබද ඇමති හරින් ප්‍රනාන්දු පවසයි.
ඌව නියෝජනය කරමින් දේශපාලනයට පැමිණි තමන්ට ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්න ගැන වේදනාවක් අතැි බව ද ඔහු ප්‍රකාහ කර ඇත. කෙසේ වුවද උමා ඔය ව්‍යාපෘතියේ ගැටලු පිළිබද ජනතාව හඩ නැගුවේ දිගු කාලයක සිටය. එහෙත් හරින් ප්‍රනාන්දු ඇමතිවරයා එම ප්‍රශ්න පිළිබද ආණ්ඩුව තුළ කිසියම් මැදිහත්වීමක් සිදුකර නැති අතර ආණ්ඩුවේ කිසිදු දේශපාලකයකු උමා ඔ්‍ය ව්‍යාපෘතියේ ඇති විනාශකාරිත්වය සම්බන්ධව වගකීමෙන් මැදිහත්වීමක් කළේ නැති නිසා ජනතාව මහමග විරෝධාත දක්වන්නට පටන් ගෙන වසර කිහිපයක් ගෙවී තිබේ. මේ නිසා මැතිවරණ ආසන්න වන විට ජනතාව මතක්වන තත්වයක් ඇති බව හරින් ප්‍රනාන්දු හොදින්ම ඔප්පු කර ඇත.




Related News