Posted on 11.22.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සීමිත වන්දි මුදලකට එකග වී ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්නට දන්වමින් හම්බන්තොට වරාය සේවකයන් වෙත ලිපියක් නිකුත් කිරීමත් සමග සිය දරුවන්ගේ රැකියා සුරක්ෂිත කරන ලෙස ඉල්ලා වරාය සේවක මව්පියන් වරාය ප්‍රවශෙ දොරටුව අසළ විරෝධතාවක් ආරම්භ කර ඇත.
නොවැම්බර් 27 වැනිදාට පෙර මෙසේ විශ්‍රාම ගන්නට කොන්දේසි ලෙස උපරිම ලක්ෂ තුනක් පමණක් වන්දි ලෙස ලබා දෙන්නට මාගම්පුර වරාය කළමනාකරන සමාගම විසින් එකග වී ඇත. එහෙත් වරාය සේවකයන් පවසන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් තමන් බදවා ගැනීමේදී සහ ඉන්පසුව වත්මන් රජය විසින් වරාය විකිනීමේදී දුන් පොරොන්දු අනුව රැකියා සුරක්ෂිත කළ යුතු බවයි. ප්‍රකාශිත අනිවාර්ය විශ්‍රාම ගැන්වීම සේවකයන්ගේ ප්‍රශ්නයක් මත සිදු නොවන බැවින් සේවකයකුට ලක්ෂ 50 බැගින් වන්දි ගෙවන ලෙස ඔවුහු බලකර සිටිති. රැපියල් 10000ක මාසික වැටුපක් මත කරන රැකියා අවලංගුකර සේවකයන් ඉවත්කරන්නට ගෙන ආ මෙම වන්දි ගෙවීමේ පදනම තුළ වසරක සේවය, වසර දෙකක සේවය හා වසර තුනකට වැඩි සේවය වශයෙන් සේවකයන් වෙන්කරවා වන්දි ගෙවන්නට සැලසුම් කිරීමෙන් සේවකයන් අතර බෙදීමක් ඇතිකරන්නටද පාලකයන් කටයුතු කර ඇත.

