தமிழ்
English
Contact
Monday 23rd October 2017    
පළමු ශ්‍රේණි සම්මුඛ පරික්ෂණ අවසන් කළ පසු ලකුනු දීමට උපදෙස් නිකුත් කරයි ! « Lanka Views | Views of the truth

පළමු ශ්‍රේණි සම්මුඛ පරික්ෂණ අවසන් කළ පසු ලකුනු දීමට උපදෙස් නිකුත් කරයි !



පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්‍ෂණවලදී අයෑදුම්කරුවන්ට උපරිම සාධාරණයක්‌ සිදු කිරීමට වගබලා ගන්නා ලෙස දන්වමින් සම්මුඛ පරීක්‍ෂණ සියල්ල අවසන් වීමෙන් පසු විදුහල්පතිවරුන් වෙත ලිපියක් ඒවා අැත.

සම්මුඛ පරීක්‍ෂණයේදී ලකුණු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් චක්‍රලේඛයේ 7.1.3 වගන්තිය චක්‍රලේඛය නිකුත් කර මසකින් එනම් ජුලි මාසයේදී ඉවත් කිරීමට අමාත්‍යාංශය කටයුතු කළේය. අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්‌ටිආරච්චිගේ අත්සනින් සැප්තැම්බර් 19 වැනිදා විදුහල්පතිවරුන් වෙත නිකුත් කර ඇති ලිපියට අනුව එම වගන්තියේ සඳහන් කරුණු සම්මුඛ පරීක්‍ෂණ මණ්‌ඩලය සැලකිල්ලට ගත යුතුය.

අමාත්‍යාංශය චක්‍රලේඛය වෙනස්‌ කර තිබුණේ පැවති චක්‍රලේඛයට අනුව සම්මුඛ පරීක්‍ෂණ පවත්වා තෝරා ගත් දරුවන්ගේ තාවකාලික ලැයිස්‌තු සකස්‌ කිරීමෙන්ද පසුවය.