தமிழ்
English
Contact
Friday 29th September 2017    
ගෑස් මිල පස්සෙන් බේකරි නිෂ්පාදන සහ පිසූ ආහාර වර්ග මිලත් ඉහළට ! « Lanka Views | Views of the truth

ගෑස් මිල පස්සෙන් බේකරි නිෂ්පාදන සහ පිසූ ආහාර වර්ග මිලත් ඉහළට !



ගෑස් මිල ඉහළ දැමීම නිසා වෙළදපොලේ අලෙවි කෙරෙන පිසූ ආහාර මිල ඉහළ යාමේ තත්වයක් උදාවන බවට ආපන ශාලා හිමියෝ ප්‍රකාශ කරති.

ගෑස් මිල රු. 110කින් ඉහල දැමීම නිසා මෙම තත්වය උදාවන්නට නියමිත බව සමස්ත ලංකා ආපනශාලාහිමියන්ගේ සංගමය අද ප්‍රකාශ කර තිබේ. මේ අනුව, තේ කෝප්පය, ආහාර පැකට්, කෙටි ආහාර මෙන්ම, සියලුම බේකරි නිෂ්පාදන මිල ඉහළ යාමට ගෑස් මිල ඉහළයාම හේතුවනු ඇත. මෙම ඉහළ යන මිල තත්වය පිළිබද පාරිභෝගික සේවා අධිකරිය මැදිහත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. වෙළෙදපොලේ ගෑස් වැනි තීරණාත්මක මිල ඉහළයාම්වලට පාරිභෝගික සේවා අධිකාරියට බලයක් නැතිව තිබියදී මෙසේ ගෑස් මිල වෙනුවට එයින් අනිවර්ය ලෙස ඉහළ යාමට නියමිත ආහාර ද්‍රව්‍ය මිල පාලනයට පමණක් බලදාරින් මැදිහත්වීම ගැන පාරිභෝගික ජනතාවට ඇත්තේ අප්‍රසාදයකි. මෙම තත්වය පාලකයන් සිම විටම සිදුකරන අශ්වයා පැනගියාට පසු ඉස්තාලය වැසීමක් වැනි බව වෙළෙදපොළ ප්‍රවණතා නිරික්ෂකයෝ පවසති.




Related News