தமிழ்
English
Contact
Friday 3rd May 2019    
ගලගොඩඅත්තේ ඥානසාරට ඇප - පොලිසියත් විරුද්ධ නැතිලු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගලගොඩඅත්තේ ඥානසාරට ඇප – පොලිසියත් විරුද්ධ නැතිලු!



ගලගොඩ අත්තේ ඥාණසාර ගැන පොලීසිය ඉදිරිපත් කළ බී වාර්තාවෙන් සැකකරුට දැඩි චෝදනා එල්ල කර තිබියදී ඇප ලබා දීමට විරුද්ධ නොවීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා පොලීසියට බලවත් ලෙස දෝෂාරෝපණය කර ඇත.

බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අද අධිකරණයට භාරවීමෙන් පසු ඇප ලබා දෙන ලදී. කෙසේවෙතත් පොලිසියේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකය විසින් අත්‍යාව්‍ය ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා යයි පවසමින් හිමිනම නැවත රැගෙන ගියහ. එම ප්‍රකාශය ලබාගැනීමෙන් පසු යළි අත්අඩංගුවට ගෙන නැවත කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබේ. ඒ අවස්ථාවේ නැවතත් ඇප ලබාදීමට අධිකරණය කටයුතු කර ඇති බවත් පොලිසිය විරුද්ධත්වය පල නොකළ බව වාර්තා වේ.