தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
ධීවර සංස්ථා සේවකයන් වෙනුවෙන් අර්ථසාධක අරමුදලට ගෙවා නෑ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ධීවර සංස්ථා සේවකයන් වෙනුවෙන් අර්ථසාධක අරමුදලට ගෙවා නෑ!



සේවක අර්ථසාධක අරමුදලට ලංකා ධීවර සංස්ථාවේ සේවක සේවිකාවන්ගේ සාමාජික මුදල් වෙනුවෙන් රුපියල් කෝටි පහක් මුදල් ගෙවිය යුතු වුවද එම ගෙවීම පැහැර හැර ඇත.

මේ බව හෙළිදරව් වන්නේ ලංකා ධීවර සංස්ථාවේ විශ‍්‍රාම ගිය සේවක සේවිකාවන් 30 දෙනෙක් සිය එම අරමුදල ලබාගන්නට යාමේදීය. ඔවුන් වෙනුවෙන් නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයට මාස දෙකක හිඟ මුදල් ගෙවිය යුතුව ඇත. මේ  සම්බන්ධව වෘත්තිය සමිති නියෝජිතයන් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර සමඟ කළ සාකච්ඡාවක දී මෙම හිඟ මුදල් මාස දෙකක් පමණ ඇතුළත ගෙවා දැමීමට ඇමැති එකඟ වී තිබේ.