தமிழ்
English
Contact
Wednesday 23rd August 2017    
සිය ක්‍රීඩා දිවියේ අවසන් තරගේයෙදී උසේන් බෝල්ට් අබාධයකට ලක්වේ « Lanka Views | Views of the truth

සිය ක්‍රීඩා දිවියේ අවසන් තරගේයෙදී උසේන් බෝල්ට් අබාධයකට ලක්වේ



ලෝක ශුරතා මළල ක්‍රීඩා තරගාවලියේ අද(13) දින සිය ක්‍රීඩා දිවියේ අවසන් තරගයට සහභාගී වෙමින් සිටි ලෝකශූර ජැමෙයිකානු ක්‍රීඩක උසේන් බෝල්ට් හට පදයේ ආබාධයක් හේතුවෙන් තරගයෙන් ඉවත්වීමට සිදු විය.

මීටර් 100 සහය දිවීමේ අවසන් තරගයේ අවසන් වටය සඳහා ධාවනයේ නිරත වෙමින් සිටියදී අවසන් මීටර කිහිපය තුල මෙම අබාධය ඔහුට ඇතිවී තිබුණි.

එම හේතුවෙන් ජැමෙයිකාවට තරගයෙන් ඉවත් වීමට සිදුවූ අතර ලෝක ශූරතා තරග ඉතිහාසයේ පළමු වර⁣ට සහාය මීටර් 100 දිවීමේ රන් පදක්කම සත්කාරක බ්‍රීතාන්‍යයට හිමි විය. අමෙරිකාව හා ජපානය එම තරගයේ රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය.