Posted on 10.23.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සංක්‍රාන්තික යුක්ති ක්‍රියාදාමය යනුවෙන් අදහස් කරන්නේ කිසිවකුගෙන් පළිගැනීමේ දඩයමක් නොවන බවද සාමුහික වගකීම පිළිබද වරද එහිදී අවධානයට නොගැනෙන බවද මේ දිනවල ලංකාවේ රැදී සිටි එක්සත් ජාතින්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ග්‍රයිෆ් පවසයි.
දෙසතියක සංචාරයකින් පසුව අද(23) කොළඹදී ජනමාධ්‍ය හමුවූ ඔහු ප්‍රකාශ කළේ ලංකාවේ බලධාරින් විසින් සංක්‍රාන්ති යුක්තිය සම්බන්ධයෙන් දුන් පොරොන්දුවලින් වැඩි ප්‍රමාණයක් තවමත් ඉටුකරන්නට ඉතිරිව ඇති බවයි. දේශපාලකයන් විසින් ‘යුද වීරයන්‘ අධිකරණය හමුවට ගෙන නොයන බවට දෙන දේශපාලන පොරොන්දු පිළිබද තමන් හෝ එක්සත් ජාතින්ගේ සංවිධානය අවධානය යොමු නොකරන බවද තම මැදිහත්වීමෙන් සිදුවන්නේ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වීදැයි සලකා බලමින් ඉදිරි පියවර සදහා වාර්තාවක් සකස් කිරීම බවද කීය. එහිදී කිසිවකුට යුද විරුවන් යැයි කියමින් අපරාධයක් වසන් කළ නොහැකි බව ඔහු අවධාරනය කළේය. යුද වින්දතයන්ට මෙන්ම යුද්ධය නිසා පීඩා විදින ආරක්ෂක අංශ පවා සංක්‍රාන්තික යුක්තිය මගින් යහපත් ප්‍රතිඵල අත්කරගනු ඇති බව එක්සත් ජාතින්ගෛ් විශේෂ නියෝජිතයා එම අවස්ථාවේදී කීය.