Posted on 09.23.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කහතුඩුව සිට පැල්මඩුල්ල දක්වා දිවෙන රුවන්පුර අධිවේගි මාර්ගයේ පළමු අදිරයර ඉංගිරිය දක්වා වැඩ ආරම්භ කර තිබුණද පාරිසරික බලපෑම් වාර්තා තවමත් ලබාදී නැති අතර ඉදිකිරීම් කොන්ත්‍රාත් ව්‍යාපෘති ටෙන්ඩර් කැදවීමකින් තොරව චීන සමාගම්වලට ලබාදී තිබේ.
පසුගිය පෙබරවාරි 27 වැනිදා එම අධිවේි මාර්ගයේ පළමු අදියර වැල්මිල්ල සිට ඉංගිරිය දක්වා ඉදිකිරීම් ආරම්භ කෙරිණී. මුලු දිග කිලෝමීටර් 74ක් පමණවන මෙම අධිවේගි මාර්ගය පාරිසරික වශයෙන් සංවේදී කලාප ඔස්සේ දිවෙන බැවින් පාරිසරික බලපෑම් පිළිබද වාර්තා අත්‍යවශ්‍ය වන නමුත් එවැනි වාර්තා පිළිබද අවශ්‍යතාව පවා අවධානයට නොගන මේ වනවිටත් මුල් ඉදිකිරීම් ව්‍යාපෘති ආරම්භ කර තිබේ. විශේෂයෙන් මෙම ව්‍යාපෘතියේ ගිවිසුම් 2014 තරම් දිගු කලකට පෙර රාජපක්ෂ ආණ්ඩුවෙන් චීන සමාගම්වලට පවරන ලද නමුත් මේ දක්වා ප්‍රමාද වීමෙන් සිදුව ඇති පාඩුව පිළිබද කිසිදු පියවරක් ගෙන නැත කොන්ත්‍රාත් ගිවිසුමක් අත්සන් කිරිමේදී ඉදිකිරිම් කාල සීමාවක් ලබා දෙන අතර ඉදිකිරිම් අවසන් නොකළහොත් දඩයක් අයකරගැනීම සිදුවේ. අදාල කොන්ත්‍රාත්කරුවන් ඉදිකිරිමේ සමත්කමක් නොපෙන්වන තත්වයකදී කොන්ත්‍රාත්තුව අවලංගු කර අලාබය අයකරගැනීමට පවා හැකිය. එහෙත් රාජපක්ෂ ආණ්ඩුව යටතේ ගිවිසුම් අත්සන් කල මෙම ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුව යටතේද වසර ගණනාවක් ඇදෙමින් පැවතිම පිළිබද කිසිදු පසුවිපරමක් හෝ නීතිමය පියවරක් ගෙන නැත.
රාජ්‍ය සමාගමක් වන මගනැගුම ව්‍යාපෘති කලමනාකරණ සමාගම විසින් මෙම ව්‍යාපෘති පවරා උප කොන්ත්‍රාත් සදහා චීන සමාගම් සමග ගිවිසුම්වලට එළඹ ඇත්තේ ඒ මගින් දේශපාලන බලවතුන්ට කොමිස් ලබාගැනීමේ හැකියාව නිසා බවට චෝදනා නැගේ. ඒ අනුව මහින්ද රාජපක්ෂ පාලනය යටතේ මග නැගුම සමාගම් ආරක්ෂක අමාත්‍යංශයට අයත්ව තිබුනු බවද ඇමතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ රුවන්පුර අධිවේගි මාර්ග ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් සම්බන්ධ වගකිව යුතුය. වත්මන් පාලනය යටතේද මෙම කොන්ත්‍රාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක නොවීම යට ඇත්තේ රාජපක්ෂ පාලනයේ දූෂිත ගනුදෙනුවලට තවදුරටත් ඉඩ දෙන වත්මන් පාලනයේ දූෂිතයන් බව පැහැදිළීය.
