தமிழ்
English
Contact
Friday 3rd May 2019    
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු යළි රිමාන්ඩ් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු යළි රිමාන්ඩ්



වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ලබන 30වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කර ඇත.

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඔහු අද(28) දින ඉදිරිපත් කල අවස්තාවේ මෙලස බන්ධනාගාර ගත කිරීමට නියොග කර තිබුණි.

සෞඛ්‍ය අමාත්‍යංශයට තුල සිදු කරන ලද විරෝධතාවයක් පදනම් කරගනිමින් පොදු දේපලවලට අලාභහානි සිදු කල බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා සිදු කරන ලද පැමිණිල්ලක් මත ඔහුට චෝදනා ගොනු කර ඇති අතර මෙම සිදු වීම සම්බන්ධයෙන්ම මීට පෙර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල කැඳවුම්කරු ඇතුළු සිසු ක්‍රියාකාරීන් 05 දෙනෙකු දින 40කට වැඩි ගණනක් රක්ෂිත බන්ධානාගාර ගත කර තිබුණි.

ආණ්ඩුව විසින් ගැටළු වලට විසඳුම් ලබා දීම වෙනුවට අයිතීන් වෙනුවෙන් සටන් කරන බලවේග දිගින් දිගටම මර්දනය කරමින් ගැටළු මගහරිමින් සිටින බව පැහැදිලිව දක්නට ඇත.