தமிழ்
English
Contact
Monday 21st August 2017    
Colonia – ආදරයේදී බිඳිය නොහැකි බාධාවක් නොමැත « Lanka Views | Views of the truth

Colonia – ආදරයේදී බිඳිය නොහැකි බාධාවක් නොමැත



“ආදරයේදී බිඳිය නොහැකි බාධාවන් නොමැත“ යන්න අතිශය සංවේදී ආකාරයෙන් සිහිපත් කරවන අපූරු චිත්‍රපටයක් තමයි Colonia කියල කියන්නේ. 2015 වර්ෂයේදී තිරගත වුණු මේ සිනමා නිර්මාණය Gallenberger කියන අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයක්. ඒ වගේමයි මේක නිශ්පාදනය කරල තියෙන්නේ Benjamin Herrman විසින්.

මේ සිනමා නිර්මාණයට IMDb අගයන්ගෙන් 7.2ක් තරමේ ඉතාමත් ඉහළ අගයක් තමයි ලැබිල තියෙන්නේ. විනාඩි 110ක් පුරා දිවයන මේ සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතය වෙච්ච Lena වෙනුවෙන් රංගනයෙන් දායක වෙලා තියෙන්නේ අපි කවුරුත් ඉතාමත් ආදරය කරන Emma Watson. ඇයගේ පෙම්වතා වන Daniel ගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ Daniel Bruhl විසින්.

ආදරණීය තේමාවක් යටතේ දිගහැරන මේ කාතාව අතිශය සංවේදී අවස්ථාවන් ගණනාවක් පසුකරමින් ගලාගෙන යන්නක්. මෙහි ප්‍රධාන චරිතය වෙච්ච Lena ගුවන් සේවිකාවක්. ඇගේ පෙම්වතා වන Daniel චිලී රටේ ආණ්ඩු විරෝධී කැරැල්ලකට සම්බන්ධ වෙනව. මේ කැරැල්ලේ ප්‍රධාන සටන් පෝස්ටරය නිර්මාණය කරන්නේ මේ ඩැනියෙල් විසින්. කොහොම වුණත් හදිසි මෙහෙයුමකදී ඩැනියෙල්ව රාජ්‍ය හමුදාව මගින් අත්අඩංගුවට ගන්නව. අරන් රතු කුරුසයක් ගහපු සුදු පාට වෑන් එකක් ඩැනියෙල්ව දාගෙන යනව විතරයි ලීනා දක්නිනේ.

ඒ මොහොතේ සිට ලීනාගේ එකම අධිෂ්ඨානය වෙන්නේ ඩැනියෙන්ව බේරගන්න එක. මේ අතරෙ ලීනාට තොරතුරක් ලැබෙනව ඩැනියෙල්ව රඳවල ඉන්නේ  Colonia Dignidad කියන තැන කියල. ඩැනියෙල්ව බේර ගන්න මේ තැනට යන ලීනාට දකින්න තියෙන්නේ සුප්‍රකට ගිහි දේශකයෙක් වෙච්ච පාවුල්ගේ ආරාමයක් වන් තැනකට.

ඉතින් ඩැනියෙන්ව රඳවල තියෙන තැනයි ලීනා ගියපු මේ තැනයි එකක්ද? නැත්නම් දෙකක් ද? ලීනාට ඩැනියෙල්ව මුණ ගැසෙයිද? මේ හැම දෙයක්ම දැන ගන්න නම් මේ අපූරු චිත්‍රපටය නරඹන්නටම වෙනවා.

colonia-04

colonia-03

colonia-02




Related News