தமிழ்
English
Contact
Saturday 28th October 2017    
`හැක්කළ` නොහැකි අන්තර්ජාල සේවාවක් චීනය නිරිමාණය කරයි « Lanka Views | Views of the truth

`හැක්කළ` නොහැකි අන්තර්ජාල සේවාවක් චීනය නිරිමාණය කරයි



චීනය විසින් අන්තර්ජාල සොරුන්ට ඇතුළුවිය නොහැකි අන්තර් ජාල සේවාවක් නිර්මාණය කර ඇතියි වාර්තාවේ. මේ වනවිට මෙම අන්තර්ජාල සේවාව චීනයේ ජිනාන් යන නගරයේ ඉතා සාර්ථක අත්හදා බලා පවත්වාගෙන යන බව වාර්තාවේ.

එරට ආරක්ෂක අංශ, බැංකු හා මූළ්‍ය අංශ, සංන්වේදන හා විදුලි යන අංශවලට මෙම අන්තර්ජාල සේවාව හදුන්වාදී ඇති බව වාර්තාවේ. මෙම අන්තර්ජාල සේවාව වෙතෙ එල්ලකරනු ලබන ඕනෑම ප්‍රහාරයක් එම මොහොතේදීම හදුනාගැනීමේ විශේෂ හැකියාවක් ඇති බවත් සැනෙන් එම ප්‍රහාරයන් විනාශ කිරීමේ හැකියාවෙන් යුක්තවේ.

චීනය විසින් ක්වන්ටොම් තාක්ෂණයේ නව අධියරක් ලෙස මෙය හදුන්වාදී ඇත. අතීතයේ ගුප්ත ලේඛන කියවන කලාව නව තාක්ෂණයත් සමග මුසුකොට මෙම නව අන්තර්ජාල දත්තහුවමාරුව සදහා භවිතා කරනු ලබන සංකේත නිර්මාණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වෙත තොරතුරු දක්වමින් චීන මාධ්‍ය වාර්තා කර ඇත.




Related News