தமிழ்
English
Contact
Friday 26th January 2018    
විදුලි සේවක වර්ජනය විසදන්නට නිලධාරින්ගේ වැටුප් වැඩිකරයි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විදුලි සේවක වර්ජනය විසදන්නට නිලධාරින්ගේ වැටුප් වැඩිකරයි !



ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික නිලධාරීන්ට 2017 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි 13%ක වැටුප් වැඩිවීමක් ද, තාක්ෂණික නොවන නිලධාරීන්ට 6%ක වැටුප් වැඩිවීමක් ද ඒ අනුව මාස නවයක හිඟ වැටුපa ලබා දීමට ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලය ඊයේ (19)තීන්දු කර තිබේ.

මේ අතර තමන් 13 වැනිදා සිට විදුලි සේවකයන් වර්ජනයක නිරතවන්නේ වැඩි වැටුප් ඉල්ලා නොවන බවත් විදුලි බල මණ්ඩලයේ සිදුව ඇති වංචා දූෂණවලට එරෙහිව බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කරයි. කිසිදු සේවකයෙකුගේ රැකියාව අහෝසි කිරීමට පාලකයන්ට නොහැකි බවත් එම සියළු සේවකයන් වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත් විදුලි වැඩ වර්ජනයට එක් වූ ලංකා විදුලිබල මණ්ඩලයේ අනියම් පදනම යටතේ සේවය කරන කම්කරුවන්, කාර්යාල කාර්ය සහායකයන්, අයපත් කරුවන් ඇතුළු තනතුරු කිහිපයකට අයත් සේවකයන් 3000ක් පමණ නොදන්වා සේවයට නොපැමිණීම යන කරුන මත සේවයෙන් නෙරපීමට විදුලි බල මණ්ඩල පාලනාධිකාරිය තීරණය කොට ඇත.