ප්‍රධාන පුවත් පෙළ – Lanka Views | Views of the truth https://www.lankaviews.com Views of the truth Tue, 23 Apr 2019 10:57:19 +0000 en-US hourly 1 https://www.lankaviews.com/wp-content/uploads/2017/07/eye.png ප්‍රධාන පුවත් පෙළ – Lanka Views | Views of the truth https://www.lankaviews.com 32 32 ශ්‍රීල.නි.ප.-පොහොට්ටුව නොකෙරෙන දීගෙට කෝදුරු තෙල් ඉල්ලති! https://www.lankaviews.com/%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93%e0%b6%bd-%e0%b6%b1%e0%b7%92-%e0%b6%b4-%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94%e0%b7%80-%e0%b6%b1%e0%b7%9c%e0%b6%9a/ https://www.lankaviews.com/%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93%e0%b6%bd-%e0%b6%b1%e0%b7%92-%e0%b6%b4-%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94%e0%b7%80-%e0%b6%b1%e0%b7%9c%e0%b6%9a/#respond Sat, 20 Apr 2019 13:57:49 +0000 https://www.lankaviews.com/?p=36398 මාධ්‍ය මගින් ප්‍රකාශිත සන්ධානයක් පිලිබඳ පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය අතර සාකච්ඡා සිව්වන වටය දක්වා ගොස් ඇති අතර ඒකගතාවක් ඇතිකර ගැනීමේ දුෂ්කරතාව නිසා මීළගට දෙපාර්ශවයේ නායකයන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට යොජනා කර ඇත. මේ ආකාරයේ නායක මට්ටමේ හමුවක් ඉක්මනින් පැවැත්වීමට නියමිත බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ජනමාධ්‍ය වෙත පවසා ඇත. […]

The post ශ්‍රීල.නි.ප.-පොහොට්ටුව නොකෙරෙන දීගෙට කෝදුරු තෙල් ඉල්ලති! appeared first on Lanka Views | Views of the truth.

]]>
මාධ්‍ය මගින් ප්‍රකාශිත සන්ධානයක් පිලිබඳ පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය අතර සාකච්ඡා සිව්වන වටය දක්වා ගොස් ඇති අතර ඒකගතාවක් ඇතිකර ගැනීමේ දුෂ්කරතාව නිසා මීළගට දෙපාර්ශවයේ නායකයන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට යොජනා කර ඇත.

මේ ආකාරයේ නායක මට්ටමේ හමුවක් ඉක්මනින් පැවැත්වීමට නියමිත බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ජනමාධ්‍ය වෙත පවසා ඇත. දෙපාර්ශ්වය අතර කඹ ඇදිලි සදහා සන්ධානයේ නම හා නායකත්ව භූමිකා මෙන්ම තරග කරන මැතිවරණ ලකුණ වැනි කරුණුම විසදාගන්නට නොහැකි තතවයක පවතින අතර ඒසේ වුද ඒකගතා රාශියක් ඇතිකරගත් බව සාකච්ඡා පැවැත්වීමෙන් පසුව මාධ්‍ය වෙත නිවේදන නිකුත් කිරීම සිදු වේ.

කෙසේවෙතත් ඒළඹෙන කම්කරු දිනයේදී ශ්‍රිල.නි.ප. හා පොදුජන පෙරමුණ වශයෙන් වෙන්ව යන්නට සිදුවන පසුබිමක සන්ධානයක් ඇතිකිරීම හා බලය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් දෙපාර්ශ්වයම උභතෝකෝටික ගැටලුවක මැදිව සිටී. විශේෂයෙන්ම ඒක්සත් ජාතික පක්ෂය මුලු රාජ්‍ය බලය යොදවමින් කම්කරු දිනය ආණ්ඩුවේ ශක්තිය පෙන්වන තැනකට ගෙන ඒන්නට වැඩකරමින් සිටින නිසා මෙවර සාකච්ඡා ඒකගතාවක් නැතිකම විසින් ශ්‍රිල.නි.ප. හා පොදුජන පෙරමුණ වෙන්ව මැයි දින සංවිධාකය කරන තත්වයට පත්ව ඇත. මෙය දේශපාලන වශයෙන් ආණ්ඩුව හමුවේ පරාජය භාරගැනීමක් බව පාර්ශ්ව දෙකේම දෙවැනි පෙළ මට්ටමෙන් නායකත්වයට කරුණු දක්වා ඇත. ඒහෙත් රාජපක්ෂවාදය රජකරන පොදුජන පෙරමුණද මෛත්‍රි පසුපස යන ශ්‍රිල.නි.ප. ද ඒක්වන්නට කෝදුරු තෙල් හත්පට්ටයකුත් ටිකක් අවශ්‍ය වනු ඇති බවට දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත.

The post ශ්‍රීල.නි.ප.-පොහොට්ටුව නොකෙරෙන දීගෙට කෝදුරු තෙල් ඉල්ලති! appeared first on Lanka Views | Views of the truth.

]]>
https://www.lankaviews.com/%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93%e0%b6%bd-%e0%b6%b1%e0%b7%92-%e0%b6%b4-%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94%e0%b7%80-%e0%b6%b1%e0%b7%9c%e0%b6%9a/feed/ 0
ලංකාව මාධ්‍ය නිදහසින් 126 වැනි තැන! https://www.lankaviews.com/%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-126-%e0%b7%80%e0%b7%90/ https://www.lankaviews.com/%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-126-%e0%b7%80%e0%b7%90/#respond Fri, 19 Apr 2019 11:23:50 +0000 https://www.lankaviews.com/?p=36373 ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ ගණනය කරන ‘දේශසීමා නැති මාධ්‍යෙව්දියෝ‘ (Reportesrs Sans Frontiers) සංවිධානයේ නවතම දර්ශකයට අනුව, මෙවර එම දර්ශකයේ 126 වැනි ස්ථානයට ලංකාව පත්ව ඇත. එනම් ලේකයේ රටවල් 180ක් අතුරින් මාධ්‍ය නිදහස සම්බන්ධ කාරණයේදී පසුගිය වසරට වඩා ස්ථාන පහකින් ඉදිරියට පැමිණීමට ලංකාව සමත් ව සිටී. ලෝකයේ මාධ්‍ය නිදහස පිළිබඳ 2017 වාර්තාවේදී 141 වැනි ස්ථානයේ පසුවූ‍ ලංකාව […]

The post ලංකාව මාධ්‍ය නිදහසින් 126 වැනි තැන! appeared first on Lanka Views | Views of the truth.

]]>
ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ ගණනය කරන ‘දේශසීමා නැති මාධ්‍යෙව්දියෝ‘ (Reportesrs Sans Frontiers) සංවිධානයේ නවතම දර්ශකයට අනුව, මෙවර එම දර්ශකයේ 126 වැනි ස්ථානයට ලංකාව පත්ව ඇත.

එනම් ලේකයේ රටවල් 180ක් අතුරින් මාධ්‍ය නිදහස සම්බන්ධ කාරණයේදී පසුගිය වසරට වඩා ස්ථාන පහකින් ඉදිරියට පැමිණීමට ලංකාව සමත් ව සිටී. ලෝකයේ මාධ්‍ය නිදහස පිළිබඳ 2017 වාර්තාවේදී 141 වැනි ස්ථානයේ පසුවූ‍ ලංකාව 2018 වසරේ  දී 131 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණි බවද සදහන්ය. 
එම දර්ශකයෙන් ප්‍රකාශවන තත්වයට අනුව, නෝර්වේ රාජ්‍යය මෙම දර්ශකයේ ප්‍රථම ස්ථානය ලබා ඇති අතර, ෆින්ලන්තය දෙවැනි ස්ථානයටත් ස්වීඩනය තෙවැනි තැනටත් පත්ව ඇත. ඉන්දියාව මෙම දර්ශකයේ 140 වැනි ස්ථානයට පත්ව සිටින බවද වාර්ත වේ. කලාපීය රටවල් ලෙස පාකිස්තානය 142 වැනි ස්ථානයටත්, මාලදිවයින 98 වැනි ස්ථානයටත්, භූතානය 80 වැනි ස්ථානයටත්, බංග්ලාදේශය 150 වැනි ස්ථානයටත් පත්ව ඇත. එක්සත් ජනපද ආක්‍රමණයකින් පසුව දේශපාලන කලබගෑනි හා රූකඩ පාලනයක් සහිත ඇෆ්ගනිස්තානය මෙම දර්ශකයේ 121 වැනි ස්ථානය ලබාගැනීම ද විශේෂත්වයකි. 

ලෝකයේ සුපිරි ප්‍රජාන්ත්‍රවාදයන් ඇතැයි කියන එක්සත් රාජධානය මෙම දර්ශකයේ 33 වැනි ස්ථානය දිනාගෙන තිබෙන එක්සත් ජනපදයට හිමිව ඇත්තේ 48 වැනි ස්ථානයයි. විරුද්ධ මත වසන් කරන අන්තර්ජාලය පවා සීමා කරන චීනය 177 වැනි ස්ථානයට සහ උතුරු කොරියාව 179 වැනි ස්ථානයට පත්ව සිටී. ‘දේශ සීමා නැති මාධ්‍යෙව්දියෝ‘ සතු ගණනය කිරීම් අනුව දර්ශකයේ අවසන් ස්ථානය හිමිව ඇත්තේ ටර්ක්මෙනිස්තානයටයි. 

මලංකාවේ මාධ්‍ය නිදහස සම්බන්ධ බිහිසුණුම අවධිය ලෙස මහින්ද රාජපක්ෂ පාලන සමය ඉතිහාසයට එක්ව ඇත්තේ මාධ්‍යෙව්දින් හා මධ්‍යෙ සේවකයන් 44ක් ඝාතනය කළ යුගයක් ලෙසය. එහිදී විශේෂයෙන්ම ලසන්ත වික්‍රමතුංග, ධර්මරත්නම් සිවරාම්, නිමලරූබන් වැනි මාධ්‍යෙව්දින් ඝාතන සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනයේ වගකිවයුත්තන්ට චෝදනා එල්ල විය. එහෙත් හම ඝාතන සම්බනධයෙන් හා ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම ඇතුළු අපරාධ සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය විසින් කිසිදු විධිමත් නීතිමය පියවරක් ගෙන නැති අතර රාජපක්ෂ පාලනයට වරද පවරමින් දේශපාලන ජයග්‍රහණ හිමිකරගත් වත්මන් පාලනයද එම මාධ්‍ය දඩයමේ වගකිවයුත්ත්න නීතිය ඉදිරියට ගෙන ඒමේදී අකාර්යක්ෂම හා වැනෙනසුලු බවක් පෙන්වා ඇත. එසේම වත්මන් පාලනය යටතේද මාධ්‍ය වෙත තර්ජන හා අවලාද නැගීම අවසන්ව නැත. විවචෙක මාධ්‍ය වෙත ඍජු හා වක්‍ර මර්දනයන් තවමත් එල්ල වේ. මාධ්‍යවේදීන් බියගැන්වීම්, තර්ජනය කිරීම, ආරක්ෂක අංශ මාධ්‍යවේදීන්ට ඇතැම් ස්ථානවලට ගමන් කිරීමට නොදීම, මාධ්‍යවේදීන් ප්‍රතික්ෂේප කිරීම, විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර සිටින මාධ්‍යවේදීන් හිරිහැරවලට ලක්වීම සහ දෙමළ මාධ්‍යවේදීන් පොලිසියේ සහ හමුදාවේ ඉලක්ක බවට පත්වීමේ සිදුවීම් රැසක් පසුගිය වසරේදී ද වාර්තා වී ඇත. 

පසුගිය කාලය පුරාම මෙරට මාධ්‍ය සංවිධාන විසින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට පටහැනිවත් තොරතුරු දැනගැනීමේ අයිතිය වැළැක්වීමටත් සිදුවෙමින් පවතින ක්‍රියාදාමයන් අවසන් කිරීමට ආණ්ඩුවට බලපෑම් කළ අතර එහි පළමු තීරණාත්මක පියවර ලෙස රාජපක්ෂ පාලනයේ සිට මේදක්වා මාධ්‍ය වෙත එල්ල වූ මර්දනයන් සම්බන්ධ නිශ්චිත විධිමත් නෛතික ක්‍රියාදාමයක් ඉදිරියට ගෙනයාම අවශ්‍ය බව අවධාරණය කරන ලදී. එහෙත් රාජපක්ෂ පාලනය මෙන්ම වත්මන් පාලනයද ඒ සියල්ල හමස් පෙට්ටියට දමා සුපුරුදු දේශපාලන අත්තනෝමතිකත්වය මාධ්‍ය වෙත පවත්වාගෙන යයි.

The post ලංකාව මාධ්‍ය නිදහසින් 126 වැනි තැන! appeared first on Lanka Views | Views of the truth.

]]>
https://www.lankaviews.com/%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-126-%e0%b7%80%e0%b7%90/feed/ 0
මෛත්‍රිපාල තිරුපති වදින්න යයි! https://www.lankaviews.com/%e0%b6%b8%e0%b7%9b%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd-%e0%b6%ad%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b7%80%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/ https://www.lankaviews.com/%e0%b6%b8%e0%b7%9b%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd-%e0%b6%ad%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b7%80%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/#respond Tue, 16 Apr 2019 11:34:10 +0000 https://www.lankaviews.com/?p=36260 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්හි පිහිටි තිරුපති කෝවිල‌ේ වන්දනා කටයුතු සදහා අද දින පිටත්ව ගොස් තිබේ. ජනාධිපති පදවියට පත් වීමෙන් පසුව 2015 පෙබරවාරියේදී භාරයක් ඔප්පු කිරීමටත් නැවත 2016 ජනාධිපතිවරයා තිරුපති කෝවිලට වැදපුදාගැනීමට ගොස් තිබේ. ඒළඹෙන ජනාධිපතිවරණයක් පිළිබද අනාවැකි පල වෙමින් තිබෙන තත්වයක් තුළ ජනාධිපතිවරයා නැවත තිරුපති වන්දාන කිරීමේ හේතුව කුමක්දැයි අනාවරණය වී නැත.

The post මෛත්‍රිපාල තිරුපති වදින්න යයි! appeared first on Lanka Views | Views of the truth.

]]>
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්හි පිහිටි තිරුපති කෝවිල‌ේ වන්දනා කටයුතු සදහා අද දින පිටත්ව ගොස් තිබේ.

ජනාධිපති පදවියට පත් වීමෙන් පසුව 2015 පෙබරවාරියේදී භාරයක් ඔප්පු කිරීමටත් නැවත 2016 ජනාධිපතිවරයා තිරුපති කෝවිලට වැදපුදාගැනීමට ගොස් තිබේ. ඒළඹෙන ජනාධිපතිවරණයක් පිළිබද අනාවැකි පල වෙමින් තිබෙන තත්වයක් තුළ ජනාධිපතිවරයා නැවත තිරුපති වන්දාන කිරීමේ හේතුව කුමක්දැයි අනාවරණය වී නැත.

The post මෛත්‍රිපාල තිරුපති වදින්න යයි! appeared first on Lanka Views | Views of the truth.

]]>
https://www.lankaviews.com/%e0%b6%b8%e0%b7%9b%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd-%e0%b6%ad%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b7%80%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/feed/ 0
බ්‍රිතාන්‍යයෙන් අත්අඩංගුවට ගත් ලාංකිකයන් ගැන දැනුවත්කර නෑ – විදේශ අමාත්‍යංශය https://www.lankaviews.com/%e0%b6%b6%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%ad%e0%b7%8a%e0%b6%85%e0%b6%a9%e0%b6%82%e0%b6%9c/ https://www.lankaviews.com/%e0%b6%b6%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%ad%e0%b7%8a%e0%b6%85%e0%b6%a9%e0%b6%82%e0%b6%9c/#respond Mon, 15 Apr 2019 16:19:23 +0000 https://www.lankaviews.com/?p=36249 බ්‍රිතාන්‍යයේ තහනම්කළ සංවිධානය සාමාජිකයන් බවට සැක පිට ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් ලාංකිකයන් සිව්දෙනා සම්බන්ධයෙන් මේ දක්වාත් කිසිදු තොරතුරක් දැනුම් දී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. ලූටන් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබුණු මොවුන් ලාංකිකයන් බව පැවසුව ද ඒ සම්බනධයෙන් කිසිදු තොරතුරක් ලන්ඩනයේ පොලීසිය විසින් ලංකා තානාපති කාර්යාලයට ලබා දී නොමැත. අත්අඩංගුවට ගත් ලාංකකියන් සම්බන්ධයෙන් […]

The post බ්‍රිතාන්‍යයෙන් අත්අඩංගුවට ගත් ලාංකිකයන් ගැන දැනුවත්කර නෑ – විදේශ අමාත්‍යංශය appeared first on Lanka Views | Views of the truth.

]]>
බ්‍රිතාන්‍යයේ තහනම්කළ සංවිධානය සාමාජිකයන් බවට සැක පිට ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් ලාංකිකයන් සිව්දෙනා සම්බන්ධයෙන් මේ දක්වාත් කිසිදු තොරතුරක් දැනුම් දී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ලූටන් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබුණු මොවුන් ලාංකිකයන් බව පැවසුව ද ඒ සම්බනධයෙන් කිසිදු තොරතුරක් ලන්ඩනයේ පොලීසිය විසින් ලංකා තානාපති කාර්යාලයට ලබා දී නොමැත. අත්අඩංගුවට ගත් ලාංකකියන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව විදේශ අමාත්‍යංශය පවසයි. අප්‍රේල් 10 වන දින පස්වරුවේ ලූටන් ගුවන්තොටුපල වෙත පැමිණි ලාංකිකයන් 4 දෙනකු 11 වනදා අත්අඩංගුවට ගෙන එංගලන්තයේ බෙට්පෙෂර් පොලීසියේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

The post බ්‍රිතාන්‍යයෙන් අත්අඩංගුවට ගත් ලාංකිකයන් ගැන දැනුවත්කර නෑ – විදේශ අමාත්‍යංශය appeared first on Lanka Views | Views of the truth.

]]>
https://www.lankaviews.com/%e0%b6%b6%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%ad%e0%b7%8a%e0%b6%85%e0%b6%a9%e0%b6%82%e0%b6%9c/feed/ 0