උණුසුම් පුවත් – Lanka Views | Views of the truth https://www.lankaviews.com Views of the truth Wed, 24 Apr 2019 16:33:52 +0000 en-US hourly 1 https://www.lankaviews.com/wp-content/uploads/2017/07/eye.png උණුසුම් පුවත් – Lanka Views | Views of the truth https://www.lankaviews.com 32 32 තහනම් සංවිධානයක ලාංකිකයන් සිව්දෙනකු ලන්ඩනයේදී අල්ලති! https://www.lankaviews.com/%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83%e0%b6%82%e0%b7%80%e0%b7%92%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%9a-%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%9a%e0%b7%92%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1/ https://www.lankaviews.com/%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83%e0%b6%82%e0%b7%80%e0%b7%92%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%9a-%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%9a%e0%b7%92%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1/#respond Sat, 13 Apr 2019 11:36:52 +0000 https://www.lankaviews.com/?p=36133 බ්‍රිතාන්‍යයේ තහනම් කළ සංවිධානයක සාමාජිකයින් බව පැවසෙන ලාංකිකයින් සිව් දෙනෙකු මෙට්‍රොපොලිටන් පොලීසිය විසින් අත්අඩංගුවට පත්ව ඇත. මෙම සිව්දෙනා පසුගිය 10 වැනි දින පස්වරුවේ ලූටන් ගුවන් තොටුපල වෙත පැමිණි බවට පොලීසියට ලද තොරතුරු මත බ්‍රිතාන්‍යයේ ත්‍රස්තවාදයට ඒරෙහි පනතේ 11 වන වගන්තියට අනුව අත්අඩංගුවට ගෙන තිබේ.

The post තහනම් සංවිධානයක ලාංකිකයන් සිව්දෙනකු ලන්ඩනයේදී අල්ලති! appeared first on Lanka Views | Views of the truth.

]]>
බ්‍රිතාන්‍යයේ තහනම් කළ සංවිධානයක සාමාජිකයින් බව පැවසෙන ලාංකිකයින් සිව් දෙනෙකු මෙට්‍රොපොලිටන් පොලීසිය විසින් අත්අඩංගුවට පත්ව ඇත.

මෙම සිව්දෙනා පසුගිය 10 වැනි දින පස්වරුවේ ලූටන් ගුවන් තොටුපල වෙත පැමිණි බවට පොලීසියට ලද තොරතුරු මත බ්‍රිතාන්‍යයේ ත්‍රස්තවාදයට ඒරෙහි පනතේ 11 වන වගන්තියට අනුව අත්අඩංගුවට ගෙන තිබේ.

The post තහනම් සංවිධානයක ලාංකිකයන් සිව්දෙනකු ලන්ඩනයේදී අල්ලති! appeared first on Lanka Views | Views of the truth.

]]>
https://www.lankaviews.com/%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83%e0%b6%82%e0%b7%80%e0%b7%92%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%9a-%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%9a%e0%b7%92%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1/feed/ 0
පැරදුනු වැය ශීර්ෂ යළිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කිරිඇල්ල පවසයි https://www.lankaviews.com/%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%94-%e0%b7%80%e0%b7%90%e0%b6%ba-%e0%b7%81%e0%b7%93%e0%b6%bb%e0%b7%8a%e0%b7%82-%e0%b6%ba%e0%b7%85%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4/ Fri, 29 Mar 2019 07:18:41 +0000 https://www.lankaviews.com/?p=35956 අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ , මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ සහ අමාත්‍යංශයේ වැය ශීර්ෂ දෙක ඊයේ පරාජයට පත් විය. මහා නගර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 24ක් ලැබුණු අතර ඊට එරෙහිව ඡන්ද 38ක් ලැබිණි.අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශ වැයශිර්ෂයේ 260 වැයශිර්ෂය වැඩි ඡන්ද 18 කින් පරාජය විය. […]

The post පැරදුනු වැය ශීර්ෂ යළිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කිරිඇල්ල පවසයි appeared first on Lanka Views | Views of the truth.

]]>
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ , මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ සහ අමාත්‍යංශයේ වැය ශීර්ෂ දෙක ඊයේ පරාජයට පත් විය.

මහා නගර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 24ක් ලැබුණු අතර ඊට එරෙහිව ඡන්ද 38ක් ලැබිණි.අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශ වැයශිර්ෂයේ 260 වැයශිර්ෂය වැඩි ඡන්ද 18 කින් පරාජය විය. වැය ශිර්ෂයට පක්ෂව ඡන්ද 20 ලැබුණු අතර විරුද්ධව ඡන්ද 38 ද ලැබිණි.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ 261 සිට 289 දක්වා සියලු වැය ශිර්ෂ පරාජයට පත් විය. පක්ෂව ඡන්ද 23 ක් ලැබුණු අතර විපක්ෂව 38 ක් ලැබිණි.මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ 162 හා 311 වැය ශීර්ෂද පරාජය වූ අතර එයට පක්ෂව ඡන්ද 24 ද විපක්ෂව ඡන්ද 38 ද හිමිවිය.

ඡන්දය විමසන අවස්ථාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු රැසක් සභා ගැබේ නොසිටියහ.

මේ අතර කාරක සභා ඡන්ද විමසීම පරාජය පත්වීම ආණ්ඩුවට මාරාන්තික ප‍්‍රහාරයක් නොවන බව පාර්ලිමේන්තුවේ සභා නායක රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී පැවති කාරක සභා ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මාධ්‍යවෙත අදහස් දක්වමිනි.

එසේම පරාජයට පත්වූ වැය ශීර්ෂ ස්ථාවර නියෝග යටතේ යලි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බවද මෙහිදී ලක්ෂමන් කිරිඇල්ල ඇමතිවරයා පැවසීය.

The post පැරදුනු වැය ශීර්ෂ යළිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කිරිඇල්ල පවසයි appeared first on Lanka Views | Views of the truth.

]]>
පළමු වසරට දරුවන් ඇතුලත් කිරීමේ චක්‍රලේඛයේ වෙනසක්! https://www.lankaviews.com/%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b6%a7-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%87%e0%b6%ad%e0%b7%94%e0%b6%bd%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a/ Thu, 28 Mar 2019 05:36:20 +0000 https://www.lankaviews.com/?p=35934 පාසල්වලට ළමයින් ඇතුළත් කරගැනීමේදී දරුවන් සහ දෙමවුපියන්හට මුහුණදීමට සිදුවන සියලු දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ළමයින් ඇතුළත්කරගැනීමේ නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාලික ඊයේ(27) පාර්ලිමේන්තුවේදී පවසා තිබේ. පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය වෙනස් කිරීම හේතුවෙන් පාසල අසල පදිංචිකරුවන්ට ළමයින් ඇතුළත් කිරීමේදී දැඩි දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවඇති බවට මන්ත්‍රී බිමල් […]

The post පළමු වසරට දරුවන් ඇතුලත් කිරීමේ චක්‍රලේඛයේ වෙනසක්! appeared first on Lanka Views | Views of the truth.

]]>
පාසල්වලට ළමයින් ඇතුළත් කරගැනීමේදී දරුවන් සහ දෙමවුපියන්හට මුහුණදීමට සිදුවන සියලු දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ළමයින් ඇතුළත්කරගැනීමේ නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාලික ඊයේ(27) පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.

පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය වෙනස් කිරීම හේතුවෙන් පාසල අසල පදිංචිකරුවන්ට ළමයින් ඇතුළත් කිරීමේදී දැඩි දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවඇති බවට මන්ත්‍රී බිමල් රත්නායකයොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ අදහස් පළකර තිබුණි.

දිර්ඝ කාලයක් පදිංචිව සිටින අයට ඔප්පුව නොමැති වුවත් පදිංචිය සැළකිල්ලට ගෙන පාසලට ඇතුළත් කරගන්නා ආකාරයට නව චක්‍රලේඛයට සංශෝධන ගෙන එන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබුණි.

පසුගිය දිනවල පදිංචිය සනාථ කිරීමට ඔප්පු නොමැති වීම හේතු ලෙස දක්වමින් ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයට දරුවන් හතරදෙනෙකු ඇතුලත් කරගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි. දරුවන් එම පාසලට ඇතුලත් කරගනු ලැබුවේ එම දරුවන්ගේ දෙමව්පියන් සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය ගෙනගිය අරගලයක ප්‍රථිපලයක් වශයෙනි.

The post පළමු වසරට දරුවන් ඇතුලත් කිරීමේ චක්‍රලේඛයේ වෙනසක්! appeared first on Lanka Views | Views of the truth.

]]>
යහපාලන ආණ්ඩුවෙන් වංචා දූෂණ කළ බව වසර 4 පසු මෛත්‍රීට මතක් වෙලා https://www.lankaviews.com/%e0%b6%ba%e0%b7%84%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b6%82%e0%b6%a0%e0%b7%8f-%e0%b6%af%e0%b7%96/ Wed, 09 Jan 2019 06:01:47 +0000 https://www.lankaviews.com/?p=33674 යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ වූ දුෂණය, වංචාව, නාස්තිය පරාජය කිරීම ගෙවුණු සිව් වසරක කාලයේදී පරාජය වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. එම පරාජයන් ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරි කාලයේදී කැපවීමෙන් කටයුතු කරන බවද සඳහන් කළේය. ලග්ගල පල්ලේගම නව හරිත නගරය ජනතා අයිතියට පැවරීමේ ඊයේ (8) පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ජනාධිපතිවරයාට පසුගිය සමයේ දූෂණ […]

The post යහපාලන ආණ්ඩුවෙන් වංචා දූෂණ කළ බව වසර 4 පසු මෛත්‍රීට මතක් වෙලා appeared first on Lanka Views | Views of the truth.

]]>
යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ වූ දුෂණය, වංචාව, නාස්තිය පරාජය කිරීම ගෙවුණු සිව් වසරක කාලයේදී පරාජය වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එම පරාජයන් ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරි කාලයේදී කැපවීමෙන් කටයුතු කරන බවද සඳහන් කළේය.

ලග්ගල පල්ලේගම නව හරිත නගරය ජනතා අයිතියට පැවරීමේ ඊයේ (8) පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයාට පසුගිය සමයේ දූෂණ , වංචා සිදුවූ බව පිළිගැනීමට මතක් වී ඇත්තේ වසර හතරක් ඉක්මවා යාමෙන් පසුවයි.

The post යහපාලන ආණ්ඩුවෙන් වංචා දූෂණ කළ බව වසර 4 පසු මෛත්‍රීට මතක් වෙලා appeared first on Lanka Views | Views of the truth.

]]>
ජනක රණවක ජනාධිපති පෞද්ගලික ලේකම් තනතුරට https://www.lankaviews.com/%e0%b6%a2%e0%b6%b1%e0%b6%9a-%e0%b6%bb%e0%b6%ab%e0%b7%80%e0%b6%9a-%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%b4%e0%b7%9e%e0%b6%af%e0%b7%8a%e0%b6%9c%e0%b6%bd/ Mon, 07 Jan 2019 10:03:03 +0000 https://www.lankaviews.com/?p=33638 ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ සාමාජික ජනක රණවණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පෞද්ගලික ලේකම් ලෙස පත්කර තිබේ. එරික් වීරවර්ධන මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවු පුරප්පාඩුව පිරවීම සඳහා රණවක මහතා පත් කර ඇත. වීරවර්ධන මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත්තේ ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වීමට අවශ්‍ය බව පවසමිනි. ජනාධිපතිවරයා තම බල ව්‍යාපෘතිය පහසු කර ගැනීම සඳහා තමන්ට හිතවත් පිරිස් […]

The post ජනක රණවක ජනාධිපති පෞද්ගලික ලේකම් තනතුරට appeared first on Lanka Views | Views of the truth.

]]>
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ සාමාජික ජනක රණවණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පෞද්ගලික ලේකම් ලෙස පත්කර තිබේ.

එරික් වීරවර්ධන මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවු පුරප්පාඩුව පිරවීම සඳහා රණවක මහතා පත් කර ඇත.

වීරවර්ධන මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත්තේ ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වීමට අවශ්‍ය බව පවසමිනි.

ජනාධිපතිවරයා තම බල ව්‍යාපෘතිය පහසු කර ගැනීම සඳහා තමන්ට හිතවත් පිරිස් තමා වටා එක් රැස් කරගනිමින් සිටින බව මෑත කාලීනව සිදුවූ විවිධ පත්වීම් මගින් පැහැදලි වේ.

The post ජනක රණවක ජනාධිපති පෞද්ගලික ලේකම් තනතුරට appeared first on Lanka Views | Views of the truth.

]]>
පාර්ලිමේන්තුවේ දිනක වියදම ලක්ෂ 245යි – මහජන ගැලරියද වසයි https://www.lankaviews.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%9a-%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%af/ Mon, 19 Nov 2018 08:37:01 +0000 https://www.lankaviews.com/?p=32175 දෛනිකව මහජන මුදල් රු ලක්ෂ 250කට අධික මුදලක් වැයකර පාර්ලිමේන්තු සභාවාර කැදවන ලද නමුත් අද (19) මහජන ගැලරියද වසා දමා තිබුණු බව වාර්තා විය. පසුගිය වසරේ පමණක් පාර්ලිමේන්තු වාර 95ක් සදහා කෝටි 245ක වියදමක් දරා ඇති අතර මහජන මුදලින් නඩත්තුවන පාර්ලිමේන්තුව මෙන්ම පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුළ මහජනයාට ඇති උපයෝගිතාව අවම බව නිරීක්ෂකයන්ගේ අදහසයි. පසුගිය දින තුනකදී […]

The post පාර්ලිමේන්තුවේ දිනක වියදම ලක්ෂ 245යි – මහජන ගැලරියද වසයි appeared first on Lanka Views | Views of the truth.

]]>
දෛනිකව මහජන මුදල් රු ලක්ෂ 250කට අධික මුදලක් වැයකර පාර්ලිමේන්තු සභාවාර කැදවන ලද නමුත් අද (19) මහජන ගැලරියද වසා දමා තිබුණු බව වාර්තා විය.

පසුගිය වසරේ පමණක් පාර්ලිමේන්තු වාර 95ක් සදහා කෝටි 245ක වියදමක් දරා ඇති අතර මහජන මුදලින් නඩත්තුවන පාර්ලිමේන්තුව මෙන්ම පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුළ මහජනයාට ඇති උපයෝගිතාව අවම බව නිරීක්ෂකයන්ගේ අදහසයි. පසුගිය දින තුනකදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පාර්ලිමේන්තු කටයුතු නිසි ලෙස පවත්වාගෙන යන්නට අසමත් වී එකිනෙකා චෝදනා කරමින් පොත් පත් හා කසළ බදුන්වලින් දමා ගසමින් හා පාර්ලිමේන්තුවේ දේපළ විනාශ කරමින් කටයුතු කරන ලදී. මහජනයාගේ නියෝජිතයන් ලෙස ඡන්දයෙන් පත්වන මෙම පුද්ගලයන් මන්ත්‍රිධුරයට නුසුදුසු මෙන්ම මෙවැනි පාර්ලිමේන්තුවක් ජනතාවට බරක් මිස කිසිදු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් නිර්මාණය නොකරන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

පසුගිය දිනවල කෝටි 50ට විකිනෙන මන්ත්‍රිවරු පිළිබද අනාවරණය විය. එසේම ඇතැම් අවස්ථාවල ජනතාවගේ ජීවන තත්වය පිළිබද විකෘතිකර තොරතුරු පවසමින් මාසයකදී සාමාන්‍ය පවුලකට රු. 2500කින් ජිවත්විය හැකි බවට කරුණු දැක්වීම අනුව එවැනි මන්ත්‍රිවරුන් තවදුරටත් ජනතාව නියෝජනය කරන්නට අසමත් බව සනාථ වේ.  තවදුරටත් ලංකාවේ පාර්ලිමේන්තුව ජනතාවගේ අභිලාෂයන් ආරක්ෂා කිරීමට අසමත් විනාශකාරී හා නාස්තිකාරී ආයතනයක් බව ජනතාවගේම අත්දැකීම් අනුව නිගමනය කරන්නට සිදුව ඇත. මේ නිසා රාජ්‍ය පාලනය සදහා මහජනයාගේ සැබෑ නියෝජනයක් සහිත ජනතා බලයක් පාර්ලිමේන්තුවට පිටස්තරව පිහිටුවිය යුතු බවට වාමාංශික පක්ෂ විසින් යෝජනා කර ඇත.

The post පාර්ලිමේන්තුවේ දිනක වියදම ලක්ෂ 245යි – මහජන ගැලරියද වසයි appeared first on Lanka Views | Views of the truth.

]]>
උද්ගතව ඇති ‌දේශපාලන අර්බුදය පිළිබද වමේ පක්ෂ අදහස් පළ කරයි! https://www.lankaviews.com/%e0%b6%8b%e0%b6%af%e0%b7%8a%e0%b6%9c%e0%b6%ad%e0%b7%80-%e0%b6%87%e0%b6%ad%e0%b7%92-%e2%80%8c%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%b6/ Wed, 14 Nov 2018 17:37:37 +0000 https://www.lankaviews.com/?p=31995 මේ වනවිට රට තුළ උද්ගතව ඇති අර්බුදය සහ ප්‍රජාතන්ත්‍රවාදයට අදාළව යන සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා වාමාංශික පක්ෂ, සංවිධාන සහභාගිත්වයෙන් නොවැම්බර් අද(14) දින මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තිබිණි. මෙම මාධ්‍ය හමුවට පෙරටුගාමී ‍සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, ර්‍ශී ලංකාවේ සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් මහින්ද දේවගේ, වමේ හඬ සංවිධානයේ සහ එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති ලීනස් ජයතිලක, […]

The post උද්ගතව ඇති ‌දේශපාලන අර්බුදය පිළිබද වමේ පක්ෂ අදහස් පළ කරයි! appeared first on Lanka Views | Views of the truth.

]]>
මේ වනවිට රට තුළ උද්ගතව ඇති අර්බුදය සහ ප්‍රජාතන්ත්‍රවාදයට අදාළව යන සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා වාමාංශික පක්ෂ, සංවිධාන සහභාගිත්වයෙන් නොවැම්බර් අද(14) දින මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තිබිණි.
මෙම මාධ්‍ය හමුවට පෙරටුගාමී ‍සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, ර්‍ශී ලංකාවේ සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් මහින්ද දේවගේ, වමේ හඬ සංවිධානයේ සහ එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති ලීනස් ජයතිලක, එක්සත් සමාජවාදී පක්ෂ‌යේ සිරිතුංග ජයසූරිය, ප්‍රැක්සිස් සාමූහිකය වෙනුවෙන් විදර්ශන කන්නන්ගර, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය නියෝජනය කරමින් රාමලිංගම් රන්ජන්, විප්ලවවාදී සමාජවාදී කේන්ද්රය නියෝජනය කරමින් ඒ.ඩී.පී රත්නායක යන නියෝජිතයෝ මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ.

The post උද්ගතව ඇති ‌දේශපාලන අර්බුදය පිළිබද වමේ පක්ෂ අදහස් පළ කරයි! appeared first on Lanka Views | Views of the truth.

]]>
තාක්ෂණ නගරයේ මාර්ග ඉදිකිරීම් – ජනතාවට සැගවූ සැලසුම් හෙළි වේ! https://www.lankaviews.com/%e0%b6%ad%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab-%e0%b6%b1%e0%b6%9c%e0%b6%bb%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c-%e0%b6%89%e0%b6%af%e0%b7%92%e0%b6%9a%e0%b7%92/ Sun, 30 Sep 2018 06:46:24 +0000 https://www.lankaviews.com/?p=30192 හෝමාගම කේන්ද්‍ර කරගෙන ඉදිකරන්නට ආණ්ඩුව විසින් සැලසුම් කර ඇති තාක්ෂණ නගරයේ මාර්ග ඉදිකිරීම් ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා හෝ ජනජීවිතය නොතකා ආයෝජකයන් ආකර්ෂනය කිරීමේ අවශ්‍යතා අනුව කළ සැලසුම්වල ප්‍රතිඵලයක් බව අනාවරණය වේ. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න මේ වනවිට ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ යටිතල පහසුකම් ලෙස මාර්ග ඉදිකිරීම් කටයුතු මේ මොහොතේ සීග‍්‍රයෙන් සිදුවෙන […]

The post තාක්ෂණ නගරයේ මාර්ග ඉදිකිරීම් – ජනතාවට සැගවූ සැලසුම් හෙළි වේ! appeared first on Lanka Views | Views of the truth.

]]>
හෝමාගම කේන්ද්‍ර කරගෙන ඉදිකරන්නට ආණ්ඩුව විසින් සැලසුම් කර ඇති තාක්ෂණ නගරයේ මාර්ග ඉදිකිරීම් ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා හෝ ජනජීවිතය නොතකා ආයෝජකයන් ආකර්ෂනය කිරීමේ අවශ්‍යතා අනුව කළ සැලසුම්වල ප්‍රතිඵලයක් බව අනාවරණය වේ.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න මේ වනවිට ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ යටිතල පහසුකම් ලෙස මාර්ග ඉදිකිරීම් කටයුතු මේ මොහොතේ සීග‍්‍රයෙන් සිදුවෙන බවකි. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රචාරක ඒකකය විසින් ජනමාධ්‍ය ඔස්සේ විවිධ සාධනීය කරුනු මවා ප්‍රසිද්ධ කරනු ලබයි. එහෙත් එම මාර්ග ඉදිකිරීම් සදහා ආරම්භයේදී ඉඩම් පර්චස් 3250ක් පමණ අත්පත් කරගන්නට ආණ්ඩුව සැලසුම් කර තිබේ. ආණ්ඩුවේ නියෝජිතයන් පවසන අන්දමට මෙම මාර්ග සංවර්ධන කටයුතු ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සදහා සිදුකරන්නක් නොවන බව පැහැදිලිය. මාර්ග පහසුකම් යටතේ පිටිපන – තලගල මාර්ගය, දාම්පේ මාර්ගය, උඩුවන පන්සල හන්දිය මාර්ගය, කහතුඩුව ජම්බුගස්මුල්ල මාර්ගය සහ මාහේනවත්ත නව පිවිසුම් මාර්ගය ඇතුළු තවත් නව පිවිසුම් මාර්ග කිහිපයක් සහිත මාර්ග කොටස් 6 ක් හඳුනාගෙන තිබෙන බවට අමාත්‍යංශය ප්‍රකාශ කළද ඉහත ඉඩම් පවරා ගැනීම් ගැන හෙලිදරව් කිරීමක් නැත. අලුතින් ආයෝජකයන් ගෙන්වා ගැනීමට හැකිවන ලෙස නිර්මිත සැලසුමක් වන තාක්ෂණ නගරයට මෙසේ මාර්ග ජාලයක් එකතු කිරීම හෝමාගම ජනතාවගේ ජීවිත යටකරගෙන ඉදිකරන කල්පිත තාක්ෂණ නගරයේ මාර්ග පද්ධතියක ආරම්භක පියවරයන්ය. ආයෝජකයන් සිය ලාභ අවශ්‍යතා සදහා පිහිටුවනු ඇතැයි අපේක්ෂිත විවිධ දැවැන්ත ආයතන යාකිරීමට ඉදිකරන දැවැන්ත මාර්ග පද්ධතියක් තාක්ෂන නගර ව්‍යාපෘතියට අයත්වන අතර ඒ සැලසුම් හෙළිදරව් නොකර ජනතාවට වාසිදායක මාර්ග ඉදිකිරීම් සිදුවන බවට ප්‍රචාර ගෙනයනු ලැබේ.

මෙහිදී මංතීරු 4 අලුත් මාර්ග කිහිපයක් අතුළුව මාර්ග පද්ධතියක් වසර 3ක් තුළ තාක්ෂණ නගරයට ඉදිකර දෙන්නට මහනගර සංවර්ධන අමාත්‍යංශය සැලසුම් කර ඇත. මේ මාර්ග පද්ධතිය දිගින් කිලෝමිටර් 142ක් සහිත අලුත් හා පැරණි මාර්ග 22කින් සමන්විත බවත් ඒවා තාක්ෂණ නගරයේ අවශ්‍යතා සදහා ඉදිකිරීමේදී හා පුලුල් කිරිමේදී සිදුවන ඉඩම් හා නිවාස අත්පත්කරගැනිම්, පාරිසරික විනාශය හෙලිදරව් නොකර ‘සංවර්ධනය’ යන වචනයට මුවා වී ජනතාව මුලාවක දමන බවද පෙනී යයි. විශේෂයෙන්ම තාක්ෂන නගර ව්‍යාපෘතියට අදාළව පාරිසරික ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර නැත. සිදුවන විනාශය හෝ ඒවාට පිළියම් යෙදීමක් තාක්ෂන නගර ව්‍යාපෘතිය සතුව නැත. ඒ නිසා යටිතල පහසුකම් සංවර්ධනයක් ගැන ප්‍රචාරයන් කොතෙක් සිදුකළත් ජනතාවගේ ජිවිත මතින් මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන බව මේ හැංගි හොරා කරන සැලසුම් අනුව පෙනී යයි.

තාක්ෂණ නගර ව්‍යාපෘතිය යටතේ කොළඹ, මොරටුව සහ ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයන්හි තාක්ෂණික පීඨයන් මෙම ප‍්‍රදේශවල ඉදිවෙන බවට ආවරණයක් ලෙස පවසන මෙම ප්‍රචාරකයන්, තාක්ෂණ නගරයේ ප්‍රධාන අරමුණ අධ්‍යාපනය විකුණන අධ්‍යාපන ආයතන පිහිටුවීම සහ තාක්ෂණ දැනුම වෙළදභාණ්ඩකරණය කළ, වඩාත් විවෘත වෙළද කලාපයක් පිහිටුවීම බව ජනතාවට සගවයි.

The post තාක්ෂණ නගරයේ මාර්ග ඉදිකිරීම් – ජනතාවට සැගවූ සැලසුම් හෙළි වේ! appeared first on Lanka Views | Views of the truth.

]]>
නිරංජනීගේ ප්‍රකාශය සහ සිංහලයාගේ අවිඥානය! – අශෝක හදගමගේ ප්‍රතිචාරයක් https://www.lankaviews.com/%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b6%82%e0%b6%a2%e0%b6%b1%e0%b7%93%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%9a%e0%b7%8f%e0%b7%81%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%84/ Sat, 29 Sep 2018 11:40:28 +0000 https://www.lankaviews.com/?p=30202 “ගිරිවැසී පුර ” චිත්‍රපටය වෙනුවෙන් සැප්තැම්බර් 14 වැනිදා කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී සිනමා නිළි නිරංජනී ෂන්මුගරාජා විසින් කළ ප්‍රකාශයක් අප විසින් වීඩියෝ පුවතක් ලෙස පළ කෙරිණි. එම ප්‍රකාශය ඇය විසින් කළ දීර්ඝ අදහස් දැක්වීමක කොටසක් පමණි. කෙසේවෙතත් ඇයගේ ප්‍රකාශය සහිත වීඩියෝ පටය සමාජ ජාලාවල සංසරණය වීමෙන් එ් අදහස් සහ විශේෂයෙන් සංහිදියාව හා සිනමාවේ භාවිතය පිළිබද […]

The post නිරංජනීගේ ප්‍රකාශය සහ සිංහලයාගේ අවිඥානය! – අශෝක හදගමගේ ප්‍රතිචාරයක් appeared first on Lanka Views | Views of the truth.

]]>
“ගිරිවැසී පුර ” චිත්‍රපටය වෙනුවෙන් සැප්තැම්බර් 14 වැනිදා කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී සිනමා නිළි නිරංජනී ෂන්මුගරාජා විසින් කළ ප්‍රකාශයක් අප විසින් වීඩියෝ පුවතක් ලෙස පළ කෙරිණි. එම ප්‍රකාශය ඇය විසින් කළ දීර්ඝ අදහස් දැක්වීමක කොටසක් පමණි. කෙසේවෙතත් ඇයගේ ප්‍රකාශය සහිත වීඩියෝ පටය සමාජ ජාලාවල සංසරණය වීමෙන් එ් අදහස් සහ විශේෂයෙන් සංහිදියාව හා සිනමාවේ භාවිතය පිළිබද සංවාදයක් ඇතිවී තිබේ. එහිදී ‘ඉනි අවන්‘ සිනමා කෘතියට නිරංජනී ෂන්මුගරාජා තෝරා ගත් අශෝක හදගම විසින් පළ කළ මේ අදහස් අප පළ කරන්නේ එය පාඨක ඔබට වැදගත් වේ යැයි සිතන නිසාය.

—————————————————————————–

“එක්තරා මාධ්‍ය හමුවකදී නිරංජනී ශන්මුගරාජා රංග ශිල්පිනිය කළ ප්‍රකාශයක් මේ දිනවල මුහුණු පොතේ උණුසුම් ප්‍රතිචාර මැද සැරිසරමින් තිබේ. මෙය මුහුණු පොතේ බෙදා ගන්නන් අතර විවිධාකාරයෙන් සිනමාවට සහ ප්‍රසාංගික කලාවට සම්බන්ධ අය වෙති. නිරංජනී මේ අයගේ අවිඥානය කිතිකවා තිබෙයි. නිරංජනී තම ප්‍රකාශය කළ සන්දර්භයෙන් එය උගුළුවා තමන්ට උවමනා ලෙසට සංස්කරණය කරගත් කොටසක් මහත් උද්යෝගයෙන් මේ අය අතින් බෙදා හැරෙයි.

නිරංජනී සිනමාවට ආවේ මා පිටපත ලියා අධ්‍යක්ෂණය කළ ‘ඉනියවන්’ චිත්‍රපටයෙනි. එහි රංගනය සඳහා ඇයව තෝරාගත්තේ සිය ගණනක ගෙනි. ඒ සඳහා ඇයව තේරී පත්වුණු ප්‍රධාන නිර්ණායකය වූයේ ඇගේ ඇස්, කෙසඟ- දුඹුරු සිරුර සහ සිනහවයි. යුද්ධය නිසා නිරන්තර අවතැන්වීම් වලට ලක්වෙමින් අතිශය පීඩාකාරී තත්වයන් යටතේ ජීවිතය පවත්වාගන්නට තරම් ධෛර්ය වන්ත වූ තරුණ මවක ගේ චරිතයට ඇගේ පෙනුම මනාව ගැලපුණි. ඇය කල රංගනය දර්ශන තලයේදී ඇය තුලින් උකහා ගත් එකකි. ඉනියවන් සංහිඳියාව තේමා කරගත් චිත්‍රපටයක් නෙවෙයි. යුද්ධයෙන් පසු උතුරේ පැවතිය හැකි සමාජ යතාර්ථය පිළිඹඳ පුරෝකථනය කි. ඉනියවන් පුරෝකථනය කල සමාජයටත් වඩා ඛේදජනක තත්වයක් දැන් උතුරේ නිර්මාණය වී තිබෙයි. විද්‍යා දැරිය දුෂණය කර මරා දැමෙන්නේ ඉනියවන් චිත්‍රපටයේ නිරංජනී දුෂණය කර විසිකර දමා යන පරිසරයේම ය. එය කාලය විසින් ගෙනහැර පෑ භයංකර උත්ප්‍රාසයකි. ඉන්පසු නිරංජනී හමුවන්නේ ප්‍රියන්ත කළුආරච්චි ගේ ‘රතු සමනල හීනයක්’ චිත්‍රපටයෙනි. එයත් සංහිඳියාව තේමා කරගත් චිත්‍රපටයක් නෙවෙයි. ඉන් පසු අප ඇය දකින්නේ කිංග් රත්නම් ගේ ‘කෝමාලි කිංග්’ චිත්‍රපටය තුලිනි. එයත් සංහිඳියාව පිළිඹඳ චිත්‍රපටයක් නෙවෙයි.

මම ‘මේ මගේ සඳයි’ චිත්‍රපටයේ දෙමල තරුණිය ගේ චරිතය සඳහා තෝරාගත්තේ දිල්හානි අශෝකමාලා ය. නිරංජනී ගේ රූපය ඉනියවන් චිත්‍රපටයේ චරිතයට ගැලපුනා සේම දිල්හානි ගේ රූපය මේ මගේ සඳයි චිත්‍රපටයේ චරිතයට ගැලපුණි. ප්‍රසන්න ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයේ දෙමල චරිතයට තෝරා ගත්තේ ඉන්දියානු නිළියක වන අංජලි පටෙල් ය. ඒ ඇගේ රූපය ඒ සඳහා ගැලපෙන්නේ යැයි ප්‍රසන්න ට සිතුනු නිසාය. ගාමිණී ෆොන්සේකා සරුංගලේ චිත්‍රපටයේ නඩරාජා ගේ චරිතයට තෝරා ගත්තේ ඔහු එයට ගැලපෙන නිසාය. ඇගේ ඇස අග චිත්‍රපටයට මහාචාර්ය වරයා ගේ චරිතයට අසිංහල ද්රිතිමන් චැටර්ජි තෝරා ගත්තේ ඔහු එයට ගැලපෙන නිසාය. ප්‍රබන්ධයක් වන සිනමාවක චරිත නිරූපණය සඳහා කෙනෙකු තෝරා ගැනෙනුයේ චරිතයට ගැලපීම – නොගැලපීම අනුව මිස ජාතිය අනුව නොවෙයි.

සංහිඳියාව යනු දේශපාලනික ක්‍රියාවලියකින් ලඟා කරගත යුතු තත්වයකි. කලා නිර්මාණයකට කල හැක්කක් ඒ ක්‍රියාවලිය සඳහා භාවමය සහ ඥානමය සම්පත් සම්පාදනය කිරීමයි. ඒ නිසා අප කලේ යුධමය සහ පශ්චාත් යුධමය තත්වයන් තුල සමාජ ජීවිතය චලනය වන ආකාරය අපේ සිනමාවට විෂය කර ගැනීමයි. ඒවාට සම්මාන ලැබීම අපේ වරදක් නෙවෙයි. ඒවා ජාත්‍යන්තරව ඇගයීමට ලක්වුණේ සිනමාත්මක නිර්ණායක මත මිස ඇතැමුන් කියන පරිදි ඒවා කටුක බව පෙන්වන නිසා නෙවෙයි.

නිරංජනී සංහිඳියා චිත්‍රපටයක රඟපානවා මා තාම දැක නැත. සංහිඳියාව ඉලක්ක කරගන ලංකාවේ හැදුනු එකම සිනමාපටය ‘තුන්දෙනෙක්‘ ය. එයද සංහිඳියා ක්‍රියාවලිය ඇන හිටින තැන සහ විසඳා ගතයුතු අභියෝග ගැන කියනවා මිස සංහිඳියාව ඇති තත්වයක් පෙන්වන්නේ නැත. එහි වුවද නිරංජනී නැත. නිරංජනී ව්‍යාජ සංහිඳියා චරිත රඟ පෑවේ බොළඳ ටෙලිනාට්‍ය වලය. ඒ නිසා නිරංජනී ලංකාවේ සිනමාවේ සංහිඳියා තේමාව වෙනුවෙන් අපහරණය වූයේ යැයි කීම සත්‍යක් නොවෙයි.

දකුණේ නිරංජනී ට අනුව යුද්ධය යනු කිසිවක් සිදුනොවුවා සේ ‘අමතක කර දැමිය යුතු’ සංසිද්ධියකි. එහෙත් උතුරේ දෙමල ගැහැනුන්ට තම ජීවිතයත් සමඟ මිස අමතක කර දැමිය නොහැකි මතකයන් තිබෙයි. විසඳා ගත යුතු ගැටළු තිබෙයි. අතුරුදහන් වුවන් පිලිබඳ තොරතුරු දෙන්නැයි තවමත් කිලිනොච්චියේ ගැහැනුන් උපවාසයේය. මේ සටහන ලියන මේ මොහොතේත් දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ගෝල්ෆේස් වටරවුමේ උද්ගොෂණයකි. ඒ නිසා යුද්ධය තවමත් කවියට, නවකතාවට, කෙටි කතාවට මෙන්ම සිනමාවට ද සම්පුර්ණයෙන් ආවරණය කරගත නොහැකි තේමාවකි. දෙවන ලෝක යුද්ධය නිමවී දශක හතක් ගෙවී ගියත් එය තවමත් සිනමාවට වස්තුවිෂයන් සපයයි.

නිරංජනී ට සිය වෘත්තීය සුරක්ෂිතභාවය පිලිබඳ ගැටලුවක් ඇත. ඇගේ වේදනාව ඇත්තේ එතැනය. ඇය මේ ප්‍රකාශ කරන්නේ ඒ වේදනාවයි. සිංහල චිත්‍රපටයක රජ බිසව ගේ චරිතය ඇයව අපේ සිනමාවේ සුරක්ෂිත කොදෙවුවක් වෙතට ගනයනු ඇතැයි ඇය සිහින දකිනවා විය හැකිය. එහෙත් සිංහල දෙමල බේදයකින් තොරව අපේ සිනමාව වෘත්තීය වශයෙන් අනාරක්ෂිතය. විශේෂයෙන් ම දෙමල සිනමාවට නැගී සිටීමට ඇත්තේ ඉතා සීමිත අවකාශයකි.

නිරංජනී ඇතුළු ශිල්පී ශිල්පිනීන්ට පැවතීමට සිනමාවක් ගොඩනගා ගත යුතුව ඇත. අපි එදත් ඒ වෙනුවෙන් පෙනී සිටියෙමු. අදත් හෙටත් ඒ වෙනුවෙන් පෙනී සිටිමු. නිරංජනී ගේ ප්‍රකාශය උත්කර්ෂයෙන් උඩ දමන අයගේ අවංක බව අපට සැක සහිතය. නිරංජනී ව මෙසේ උපුටා දක්වන මාධ්‍ය හමුවේ තව බොහෝ දෑ ඇය කියයි. ඇගේ කතාවේ සන්දර්භයෙන් ඇයව උගුල්ලා අපට අසන්නට සලස්වන්න කොටස තුල ඇත්තේ සිංහලයා සතුටුවන ලෙස දෙමළා සිටිය යුතු ආකාරය පිලිබඳ පණිවිඩයයි. සිංහලයා බලාපොරොත්තු වන සංහිඳියාව එයයි. අපේ අය චූන් වන්නේ එයටයි. නිරංජනී ඒ චූන් එකට නැටිය යුතු නැත.

නිරංජනී ගේ කිති කැවීමෙන් පොලා පනින්නේ අප රැඩිකල් යැයි සිතා සිටින බොහෝ දෙනෙකු ගේ අවිඥානය යි.

ඒ මෙහෙයට ඔබට ස්තුතියි නිරංජනී. !“

The post නිරංජනීගේ ප්‍රකාශය සහ සිංහලයාගේ අවිඥානය! – අශෝක හදගමගේ ප්‍රතිචාරයක් appeared first on Lanka Views | Views of the truth.

]]>
කඩුවෙල-බියගම පාලම රාත්‍රියට වසා දමයි! https://www.lankaviews.com/%e0%b6%9a%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%bd-%e0%b6%b6%e0%b7%92%e0%b6%ba%e0%b6%9c%e0%b6%b8-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b8-%e0%b6%bb%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb/ Sat, 29 Sep 2018 07:24:34 +0000 https://www.lankaviews.com/?p=30158 කඩුවෙල සහ බියගම යාකරමින් කැළනි ගංගාව මතින් දිවෙන පාලමේ ඉදිකිරීම් කටයුතු නිසා අද (29) සිටෙ රාත්‍රි කාලයේ වසා දමන බව නිවේදනය කර ඇත. ඒ අනුව අද රාත්‍රී 7.00 සිට හෙට උදෑසන 6.00 දක්වා කඩුවෙල – බියගම මාර්ගයේ කැළණි ගඟ හරහා නව පාලම ඉදිකිරීම හේතුවෙන් එම මාර්ගයේ ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර කරනු ඇත.

The post කඩුවෙල-බියගම පාලම රාත්‍රියට වසා දමයි! appeared first on Lanka Views | Views of the truth.

]]>
කඩුවෙල සහ බියගම යාකරමින් කැළනි ගංගාව මතින් දිවෙන පාලමේ ඉදිකිරීම් කටයුතු නිසා අද (29) සිටෙ රාත්‍රි කාලයේ වසා දමන බව නිවේදනය කර ඇත.
ඒ අනුව අද රාත්‍රී 7.00 සිට හෙට උදෑසන 6.00 දක්වා කඩුවෙල – බියගම මාර්ගයේ කැළණි ගඟ හරහා නව පාලම ඉදිකිරීම හේතුවෙන් එම මාර්ගයේ ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර කරනු ඇත.

The post කඩුවෙල-බියගම පාලම රාත්‍රියට වසා දමයි! appeared first on Lanka Views | Views of the truth.

]]>