தமிழ்
English
Contact
Sunday 27th August 2017    
ඩොලර් මිලියන 417ක් වන්දි ගෙවන්න ජොන්සන් සහ ජොන්සන් සමාගමට නියම වේ. « Lanka Views | Views of the truth

ඩොලර් මිලියන 417ක් වන්දි ගෙවන්න ජොන්සන් සහ ජොන්සන් සමාගමට නියම වේ.



කුඩා කාලයේ සිට ජොන්සන් පුයර භාවිත කිරීමෙන් පිළිකා රෝගලයට ගොදුරු වූ කාන්තාවකට අමෙරිකන් ඩොලර් මිලියන 417ක් වන්දි ගෙවන ලෙස කැලිෆෝනියා අධිකරණයක් විසින් ජොන්සන් සහ ජොන්සන් ළදරු නිෂ්පාදන සමාගමට නියම කර තිබේ.

2007 ඩිම්බ කෝෂ පිලිකාවකට ගොදුරු වූ ඊවා එෂ්චුවෙරා අධිකරණයට හෙළිකර ඇත්තේ වයස අවුරුදු 11 සිට ජොන්සන් පුයර පාවිච්චි කළ නිසා මෙම පිළිකාව හටගත් බව සනාථ වී තිබෙන බවයි. මෙය ජොන්සන් සමාගමට එල්ල වූ පළමුවැනි චෝදනාවද නොවේ. මින්පෙර වසර දෙකක් තුළ පැවති නඩු විභාග පහකින් හතරක්ම පරාජය වීමෙන් අමෙරිකන් ඩොලර් මිලියන 110ක් ගෙවන්නට සිදුව තිබේ. ඊයේ (21) නඩු විභාගයෙන් පසුව කැරොල් ගුඩ්රිච් නමැති ප්‍රකාශිකාව සමාගම වෙනුවෙන් ප්‍රකාශයක් කර මින් පැවසුවේ තවත් නඩු විභාගවලට මුහුණ දෙමින් සිටින ජොන්සන්ස් බේබි සමාගම මෙම තීන්දුව පිළිබද අභියාචනා කරන්නට අදහස් කරණ බවයි.

 




Related News