தமிழ்
English
Contact
Thursday 27th July 2017    
අගමැති පුම්බන්න දූෂණ පැමිනිලි කාර්යාලයක් විවෘත කෙරේ! « Lanka Views | Views of the truth

අගමැති පුම්බන්න දූෂණ පැමිනිලි කාර්යාලයක් විවෘත කෙරේ!




අගමැති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ජිවිතයට 40 වසරක් පිරීම හේතුවෙන් ඔහුගේ පුද්ගල ප්‍රතිරූපය නංවන්නට විශේෂයෙන් සැලසුම් කළ මහජන සම්බන්ධතා කාර්යාලයක් ඊයේ (20) විවෘත කරන ලදී.

රාජ්‍ය ආයතන ආශ්‍රිත දූෂණ සිදුවීම් සම්බන්ධයෙන් පැමිනිලි භාරගන්නා අගමැතිගේ මහජන සම්බන්ධතා කාර්යාලයක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි. මෙමගින් රාජ්‍ය අංශයේ වංචා දූෂන පිළිබද පැමිනිලි භාරගෙන අදාළ නීති කෘත්‍ය සදහා කාර්යාලවලට යවන බව එම කාර්යාලයේ නියෝජිතයෝ ප්‍රකාශ කරති. මෙම මහජන සම්බන්ධතා කාර්යාලය පිහිටුවා ඇත්තේ පසුගිය දා කාලය අවසන් කළ දූෂන පැමිනිලි භාරගන්නා කාර්යාලය පිහිටි පරිශ්‍රෙය් වීම විශේෂත්වයකි. ඒ අනුව අගමැතිගේ කාර්යාලය පසුගියදා අවසන් කළ වංචා දූෂන පැමිනිලි භාරගන්නා කාර්යාලයට විකල්පයක්  ලෙස ගෙන ආවක්දැයි දේශපාලන අංශවල කතා බහක් ඇතිව තිබේ. ඒ අනුව ප්‍රකාශවන කාරණය නම් මෙම අගමැති මහජන සම්බන්ධතා කාර්යාලයේ කටයුතු වන්නේ මුල්‍ය අපරාධ විමර්ශන කාර්යාලය ඇතුළු විමර්ශන සිදුකරන ආයතනවලට එම පැමිනිලි භාරදීම පමණක් බවයි.

කෙසේවෙතත් මෙය අගමැතිවරයා දේශපාලනයට පිවිස 40 වසරක් ගත වීම වෙනුවෙන් ඔහුගේ ප්‍රචාරක කටයුතු වර්ධනය කිරීමක් බවට අදහසක් ලෙසද අගමැති කාර්යාලයේ නිලධාරි‍යකු විසින් ප්‍රකාශ කෙරිනි. බලයට එන්නට පෙරාතුව වංචා දූෂණ අහෝසි කරන බව හා දූෂිතයන්ට දඩුවම් දෙන බව කී අගමැති රනිල් වික්‍රමසිංහ විසින් මහජන අවධානය දිනාගන්නට ඒවා යොදාගන්නට උත්සාහ කරන බව එයින් ඇගවේ.



Related News