தமிழ்
English
Contact
Saturday 4th May 2019    
වර්තමානය වෙනුවෙන් කැනඩාවේදී ‘83 කලු ජූලිය සමරති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වර්තමානය වෙනුවෙන් කැනඩාවේදී ‘83 කලු ජූලිය සමරති!



”කලු ජුලියේ මතකයන් හා වත්මන් දේශපාලන තත්වය” පිළිබද සංවාදයක් තැනඩාවේ ‘සම අයිතිය ව්‍යාපාරය‘ විසින් සංවිධානය කර තිබුනි.

විවිධ දේශපාලන ධාරාවලට අයත් වුවද වාමාංශික අදහස් දරනවුන්  මෙන්ම දෙමල ජාතිකවාදි අදහස් දරන අයද එහිදි අදහස් දැක්වූහ.  එහිදී  පෙරටුගාමි සමාජවාදි පක්ෂය නියෝජනය කරමින්  සේනාධිර ගුණතිලක සිය අදහස් දැක්වීය.  නිතිඥ තනෙහ්ර මාක් චේරන්, කැනඩා  ෆෝ මෝහාන් ඇන්තනිපිල්ලෛ හා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සාමාජික මාර්ක් සුසෛයිද අදහස් දැක්වූහ, මෙම අවස්ථාවේදී භාෂා පරිවර්තන දායකත්වය සිලන් විසින් ලබාදෙන ලදි .වසර 30ක යුද්ධයක කෙලවර  ලාංකිය සමාජය කෙරෙහි යළි එවැන්නක් ඇති නොවිමට තරම් සංවේදි නොවිමද, ජාතිවාදය තව දුරටත් /ගැටුමිකාරි  ලෙස වර්ධනය විමද එහිදි සාකච්ඡාවට ගැනුනි. ලාංකීය ධනවාදයද එහි පාලකයන්ද  වසර 30 ක යුද්ධය තුලත් ඉන් අනතුරුවත් දිගින්  දිගට පෙන්වා දී ඇත්තේ ජාතික ප්‍රශ්නය විසදාලීමේදී තම අසමත්කම සහ  නොසැලකිල්ලත් බවය. දැන් එයට පිලිතුරැ ඇත්තේ උතුරේද දකුනේද සංවිධානය වු ජනතාව මත බව වැඩිදුරටත් සාකචඡා කෙරිණි..




Related News