தமிழ்
English
Contact
Sunday 19th November 2017    
අන්තරේ කැඳවුම්කරුවන් රිමාන්ඩ් « Lanka Views | Views of the truth

අන්තරේ කැඳවුම්කරුවන් රිමාන්ඩ්



අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි අද(12) දින පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 25වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

2015 වසරේ පැවති උද්ඝෝෂණයකට අදාලව ගොනු කරන ලද නඩුවකට අද දින සහභාගී වූ අවස්ථාවේ ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුගිය 10වන දා මාලඹේ SAITM ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කරමින් පැවති විරෝධතා පා ගමන සංවිධානය කිරීම වරදක් ලෙස පෙන්වා දෙමින් කොළඹ කොටුව පොලිසිය විසින් මෙලෙස චෝදනා ගොනු කර ඇත.

අදාළ විරෝධතා පා ගමන අවම වශයෙන් හෝ මාර්ග බාධක ආසන්නයට පැමිණීමටත් ප්‍රථමයෙන් ජාත්‍යන්තර අවම නීතීන් පාවා උල්ලංගනය කරමින් පොලිසිය ලවා කඳුළු ගෑස් සහ අධි පීඩන ජාල ප්‍රහාර එල්ල කර පසුව විරෝධතාකරුවන් හඹා ගොස් ම්ලේච්ඡ බැටන් ප්‍රහාරයක්ද සිදු කර සාමකාමිව පැමිණි විරෝධතාවය විසුරුවා හැරීමට උත්සාහ කල ආණ්ඩුව අවසානයේ සමාජ අයිතීන් වෙනුවෙන් සටන් කල ක්‍රියාකාරීන්ද අත්අඩංගුවට ගැනීමටද කටයුතු කර ඇත.

දූෂිත රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුවේ අත්තොනොමතිකත්වය මනාව පිළිබිඹු වන සිදුවීම් ගොන්නට එක කල හැකි තවත් අවස්තාවක් ලෙස මෙය පෙන්වා දිය හැකි අතර ආණ්ඩුව සිය පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය රැක ගැනීම වෙනුවෙන් අවශ්‍ය ඕනෑම ම්ලේච්ඡ ක්‍රියාවකට යොමු වන බව ද නොරහසකි.

වෙනසක් ලබා දෙන බවට පම්පොරී ගසමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව පෙර පාලනයේ ගමනම නැවතත් වඩා ශක්තිමත් අයුරින් ගමන් කරමින් සිටින්නේ මුහුණු මාරුවෙන් කිසිඳු ප්‍රතිඵලයක් ජානතාවට දිනා දිය නොහැකි බව පසක් කරමිනි.