Posted on 08.23.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව අභාවයට පත් අවස්ථාවේ ඔහු විසින් ලාංකේය සංගීත ක්ෂේත්රයට කළ සේවාව වෙනුවෙන් අාණ්ඩුව විසින් ඉදිකරන්නට පොරොන්දු වූ සංගීත විද්‍යායතනය, බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය තුළ කුඩා බිම්කඩක පිහිටුවන්නට අැමති මණ්ඩලය තීරණය කර තිබේ.
‘අමරදේව අසපුව’ නමින් මෙම අායතනය සංගීතය අධ්‍යයනය කරන හා පර්යේෂණ කරණ සියලු දෙනාට පහසුකම් සහිත පරිසරයක ඉදිකරන්නට මුලදී යෝජනා වූ නමුත් දැන් බත්තරමුල්ල නාගරිකය හා පාර්ලිමේන්තුව අාසන්න කාර්යබහුල පරිසරයක ස්ථාපිත කරන්නට අාණ්ඩුව කටයුතු කරමින් සිටී.
මෙවැන් අායතනයක් ස්ථාපිත කළ යුත්තේ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව සූරීන් විසින් ශ්‍රී ලාංකේය සංගීතයට සිදු කරන ලද අනුපමේය දායකත්වය සැලකිල්ලට ගනිමින්, මෙන්ම වරක් අමරදේවයන් හා වෙනත් බොහෝ කලාකරුවන් කළ ඉල්ලීමක් සපුරමින් බව අාණ්ඩුව සැලකිල්ලට ගෙන නැත. ඒ් වෙනුවට අමරදේව චරිතය දේශපාලන අරමුණක පටලවා පටු අවශ්‍යතා ඉටුකරගැනීමේ ප්රචාරක අරමුණ අැතිව මෙම කටයුත්තට අැමතිවරු කිහිපදෙනෙක් මැදිහත්ව සිටිති. ඔවුන් විසින් ‘අමරදේව අසපුව’ ස්ථාපනය කිරීමට යෝජනා කර අැත්තේ බත්තරමුල්ල, ‘අපේ ගම’ පරිශ්‍රය තුළ පිහිටි පර්චස් 100ක ඉඩම් කොටසකි. ඒම ඉඩම් කැබැල්ල මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත පැවරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අද අැමති මණ්ඩලය විසින් අනුමත කර තිබේ.