Posted on 08.31.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
රයන් ජයලත් පැහැර ගැනීමට ඉඩ ලබා නොදෙමින් එයට බාධා කල පිරිස් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එම පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා එම සිදුවීමට අදාල වීඩියෝ දර්ශන ලබා දෙන ලෙස රුපවාහිනී නාලිකා 06ක් වෙත කොළඹ මහේස්ත්‍රාත්වරයා අද(31) දින නියෝග කරන ලදි.
ඒ එම බාධාකිරීමට එරෙහිවුවන්ට විරුද්ධව පොලිසිය විසින් ගොනු කර තිබු නඩුවක් විභාග කල අවස්ථාවේ මෙලෙස නියෝග කර තිබුණි.
පසුගිය ජුලි 20වන දින වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් විද්වත් වෘතිකයන්ගේ ශාලාව ඉදිරිපිටදී සුදු වෑන් රථයකින් පැමිණි නන්නාදුනන පිරිසක් විසින් පැහැරගෙන යාමට උත්සාහ කර තිබු අතර එහිදී සරසවි සිසුන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් මැදිහත් වී එම නිර්ලජ්ජිත උත්සාහය පරාජය කරන ලදි.
අදාළ මැදිහත්වීම පිලිබඳ ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු කනගාටුව පලකරමින් සහ තවත් පිරිසක් මෙය ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට සිදු කරන ලද ක්‍රියාවක් ලෙස පෙන්වා දෙමින් අපවාදයෙන් ගැලවීමට උත්සහ කර තිබු අතර මේ සම්බන්ධව වාර්තා ද කැඳවීමට කටයුතු කෙරුණි. අවසානයේ ආණ්ඩුවේ උවමනාව වෙනුවෙන් සෘජුව පෙනී සිටින පොලිසිය විසින් එම පහර ගැනීමට ඉඩ නොදුන් අයට එරෙහිව පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබුණි.
ගැටළු විසඳීම වෙනුවෙනුවට එම ගැටළු විසඳන පිරිස් නිල හා නිල නොවන අයුරින් මර්දනය කරමින් සිටින බව මෙවැනි නිර්ලජ්ජිත උත්සාහයයන් සාධාරණීකරණය කිරීමට සිදු කරන මෙවැනි මැදිහත්වීම් හරහා තහවුරු වේ.