தமிழ்
English
Contact
Monday 21st August 2017    
විධායක බලය පාවිච්චි කරන්නේ 80 හාල් 100ට විකුනන්නද? – දුමින්ද නාගමුව « Lanka Views | Views of the truth

විධායක බලය පාවිච්චි කරන්නේ 80 හාල් 100ට විකුනන්නද? – දුමින්ද නාගමුව



සහල් විකිණීමට අදාළව නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ සඳහන් උපරිම මිලට වඩා වැඩි මිලට වෙළඳපොලේ සහල් අලෙවි කරන බවත්, ජනාධිපති විධායක බලය පාවිච්චි කරන්නේ සහල් මෝල් හිමියන්ගේ ලාභ තර කිරීම වෙනුවෙන් රු:80 උපරිම මිල නියම වී ඇති සහල් රු:100 විකිනීමටද යන්න පිළිබඳව ගැටළුවක් මතුවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසන ලදි.

බඩු මිල සහ ජීවන වියදම ඉහල යාම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද(15) දින පැවති මාධ්‍ය හමුවේදී මෙලෙස ප්‍රකාශ කරන ලදි.

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර වෙළඳපොල මිල ඉහල යන මොහෙතේම දේශීය භාණ්ඩ මිල ඉහල දැමීමට කටයුතු කරන අතර එම මිල පහල යන විට පහල ගිය ප්‍රමාණයට බදු වැඩි කරමින් එම වාසිය ජනතාවට අත් වීම වැලක්වීමට කටයුතු කරන බව මෙහිදී පෙන්වා දෙන ලදි.

වෙළඳපොල මිල ගණන් සීග්‍රයෙන් ඉහල යෑමට සාපේක්ෂව වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි නොවීම හේතුවෙන් ජනතාව විශාල ගැටලුවකට මුහුණ දෙමින් සිටින බවත් මිල ඉහල යෑමට සාපේක්ෂව වැඩිවන ජීවනාංකයට අදලව 2015 සිට මේ දක්වා නියමිත පරිදි රු:4,500කින් වැටුප් වැඩි විය යුතු බවත්, ඒ සඳහා වැඩ කරන ජනතාවට අයිතිවාසිකමක් පවතින බැවින් ඒ වෙනුවෙන් සංවිධානය විය යුතු බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරන ලදි.

පෙරටුගාමී සමාජවාදි පක්ෂය විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව පහතින්




Related News