Posted on 09.23.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
චීනයට ලබාදුන් හම්බන්තොට වරාය පරිශ්‍රෙය් අමුතෙල් පිරිපහදු කිරිමේ යන්ත්‍රාගාරයක් ඉදිකිරිමට චීන සමාගම් දෙකක් සමග සාකච්චා කරන බව ආණ්ඩුව පවසයි. චයිනා මර්චන්ට් වරාය සමාගම විසින් වසර 99ක් සදහා බදු ගත් හම්බන්තටෙ වරායේ මෙවැනි තෙල් පිරිපහදුවක් ආරම්භ කරන්නට සැලසුම්කර ඇත්තේ එමගින් ඉන්දිය සාගරය හරහා දිවෙන යුරෝපා චීන නාවික මාර්ගය තුළ බිහිවන ‘එක් තීරයක් – එක් මාවතක්‘ ලෙසින් හදුන්වන චීනයේ නව වෙළද මාර්ග සැලැස්මේ කාර්යයන්ට වාසිදායක ලෙස නැව්වල තෙල් සැපයුම සම්පූර්ණ කළ හැකි වෙතැයි ගණන් බැලීමෙනි.
මේ තෙල් පිරිපහදුව සදහා චීන සමාගම් දෙකක් එකතුව ඩොලර් බිලියන 3කට ආසන්න ආයෝජනයක් ඒකාබද්දව කරන්නට කැමැත්ත පළ කර ඇති බවද ඒ සදහා ගිවිසුම් කඩානමින් අත්සන් කෙරෙන බවද අපගේ මූලාශ්‍ර පවසයි.