தமிழ்
English
Contact
Wednesday 4th April 2018    
තලේබාන් ප්‍රහාරයෙන් ඇෆ්ගන් සෙබළු 26ක් මියයති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තලේබාන් ප්‍රහාරයෙන් ඇෆ්ගන් සෙබළු 26ක් මියයති



 ඊයේ ඇෆ්ගනිස්ථානයේ දකුණු දිග කන්දහාර් ප්‍රදේශයේ එරට හමුදා මූලස්ථානයකට එල්ල වූ තලේබාන් ප්‍ර හාරයෙන් සෙබළුන් 26 දෙනෙකු මියයගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අගහරුවාදා රාත්‍රී ආරම්භ වූ මෙම තලේබාන් ප්‍රහාරය පසුදා දහවල් වෙනතුරු පැවැති බව වාර්තාවේ. කෙසේ නමුත් එරට ආරක්ෂක අංශ සදහන් කරන්නේ  ප්‍රහාරයෙන් පසුව ඇෆ්ගන් හමුදාවන් විසින් සිදුකරන ලද ඒකාබද්ධ ප්‍රහාරයකින් තලේබාන් සංවිධානයේ 80කට පිරිසක්ද මියගොස් ඇති බවයි.

මෑතකදී තලේබාන් සංවිධානය සිය ප්‍රහාරයන් ගණනාවක් ඇෆ්ගනිස්ථානයේ  හා පකිස්ථානයේ දී එල්ල කරනු ලැබීය. එම ප්‍රහාරයන් හේතුවෙන් දෙරටේම ආරක්ෂක අංශ සාමාජිකයින් හා සිවිල් වැසියන් විශාල පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.




Related News