தமிழ்
English
Contact
Thursday 23rd November 2017    
17න් පහළ ලෝක කුසලාන පාපන්දු අවසන්  තරගය සෙනසුරාදා « Lanka Views | Views of the truth

17න් පහළ ලෝක කුසලාන පාපන්දු අවසන් තරගය සෙනසුරාදා



මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන වයස 17න් පහළ ලෝක කුසලාන පාපන්දු තරගයේ අවසන් වටයට පිවිසීමට ස්පාඤ්ඤය හා එංගලන්තය සුදුසුකම් ලබා ඇත.

අර්ධ අවසන් තරග වටයේදී එංගලන්ත කණ්ඩායම හමුවේ 3-1ක් ලෙස පරාජය වීමට බ්‍රසීල කණ්ඩායමට සිදුවූ අතර ස්පාඤ්ඤය හමුවේ 2-0ක් ලෙස මාලි කණ්ඩායම පරාජයට පත්විය.

මේ අනුව ලබන සෙනසුරාදා පැවැත්වෙන අවසන් තරගයට ස්පාඤ්ඤ හා එංගලන්ත කණ්ඩායම් සමත්ව තිබේ. මෙවර යුරෝපා රටවල් දෙකක් වසය 17න් පහළ පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරගයට සුදුසුකම් ලැබීම යුරෝපා පාපන්දු අනාගතය තවතවත් ශක්තිමක්වීමක් ලෙස දක්නට පුළුවන.

තෙවන ස්ථානය සදහා මාලි කණ්ඩායම හා බ්‍රසීල කණ්ඩායම ලබන සමග සෙනසුරාදා කල්කටාවේදී  තරගවැදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.