Posted on 08.16.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
පසුගිය වසරේ සිට මේ දක්වා ෆාර්ක් සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ නීරීක්ෂණය යටතේ සිය අවි එරට රජයට බාරදීමේ ක්‍රියාවලිය සිදු කළේය. ඊයේ එහි අවසන් අවි තොගය කොළොම්බියාවේ උතුරු ප්‍රදේශයේ කදවුරකදී බාර දෙමින් අවි බාරදීමේ ක්‍රියාවලිය අවසන් කර ඇත.
මේ පිළිබදව කොළොම්බියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ වසර 52ක් තිස්සේ පැවැති සන්නද්ධ ගැටුම් මෙම අවසන් අවි බාරදීමෙන් පසුව අවසන් වනු ඇති බවයි. පසුගිය වසර තුල ෆාර්ක් සංවිධානය සතුව පැවැති විවිධ වර්ගයට අයත් අවි ආයුධ කන්ටේනර් 17ක ප්‍රමාණයක් බාරදී ඇති බව එක්සත් ජාතීන්ගේ නීරීක්ෂණ කටයුතු බාර ප්‍රධානියා වන ජේන් ආනොල්ට් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.
මෙම අවි බාර දීමෙන් අනතුරුව ෆාර්ක් සංවිධානයේ සාමාජිකයින් 7000ක් පමණ දෙනාට පොදු සාමාවක් ලැබෙන අතර තවත් කිහිපදෙනෙකුට පමණක් කෙටිකාලයක දඩුවම් කාලයකට යටත් විය යුතු බවයි. ඒ සදහා විශේෂයෙන් ගොඩ නගන ලද අධිකරණයකින් විමර්ශනයක් පැවැත්වීමටද නියමිතව ඇති බව සාම ගිවිසුමේ කොන්දේශියක් ලෙස සදහන්ව තිබේ.