தமிழ்
English
Contact
Saturday 28th October 2017    
ෆාර්ක් සංවිධානයෙන් නව දේශපාලන ව්‍යාපාරයක් « Lanka Views | Views of the truth

ෆාර්ක් සංවිධානයෙන් නව දේශපාලන ව්‍යාපාරයක්



කොලොම්බියාවේ ෆාර්ක් සංවිධානය සිය නිල දේශපාලන ව්‍යාපාරය සැප්තැම්බර් මස පළමු වැනි දින ප්‍රකාශයට පත්කිරීමට සූදානම්වේ. ෆාර්ක් සංවිධානය දශක පහක් තිස්සේ කොලොම්බියාවේ සන්නද්ධ දේශපාලන ව්‍යාපාරයක් ලෙස අඛණ්ඩව පැවැතිනි.

ෆාර්ක් සංවිධානය ලබන සැප්තැම්බර් මස පළමු වැනිදා සිය දේශපාලන ව්‍යාපාරය නිල වශයෙන් ආරම්භ කිරීමට සියු කටයුතු සූදානම් කොට ඇති බව එම සංවිධානය ලේකම් මණ්ඩල සාමාජික කාලොස් අන්තෝනියෝ ලොසාඩා මාධ්‍ය වෙත දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර හතරක් තිස්සේ විවිධ බාධක මැදි කියුබාවේ හවානා නුවර පැවැති සාම සාකච්ඡාවලින් අනතුරුව කොලොම්බියානු රජය හා ෆාර්ක් සංවිධානය අතර සාම ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.

එම ගිවිසුමට අනුව කොලොම්බියානු කොංග්‍රස් මණ්ඩලය තුල වසර 2026 දක්වා ෆාර්ක් සංවිධානයේ සාමාජිකයින් දස දෙනෙකුට කොංග්‍රස් සභිකයින් ලෙස කටයුතු කිරීමට ඉඩ ලැබෙනු ඇතැයි වාර්තාවේ.




Related News