தமிழ்
English
Contact
Wednesday 11th April 2018    
හතරවන එක් දින තරගය කඩුළු 7කින් පාකිස්ථානය ජයගනී « Lanka Views | Views of the truth

හතරවන එක් දින තරගය කඩුළු 7කින් පාකිස්ථානය ජයගනී



සාජාහි අද පැවැත්වුණු හතරවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රි ලංකා කණ්ඩායමට සිය ඉනිම වෙනුවෙන් ලබා ගැත හැකිවූයේ ලකුණු 173ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර  43.පන්දු 3කදී සියලු දෙනාම දැවී ලබාගත හැකිවූයේ ලකුණු 173ක් පමණි.  එම ලකුණු සංඛාව ලබා ගැනීමේදී ළහිරු තිරිමාන්න ලකුණු 62ක් ලබා ගැනීමටට සමත්විය. නමුත් සෙසු පිතිකරුවන්ගෙන් ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීමට ප්‍රමාණවත් සහායක් නොලැඹුනි.

පිළිතුරු ලෙස පාකිස්ථාන් පිල පන්දුවාර 39ක් තුලදී කඩුළු තුනක් දැවී ලකුණු 177ක් රැස්කර ගනිමින් සාජාහි පැවැති හතරවන එක් දින තරගයෙන් කඩුළු 7ක ජයක් ලබා ගැනීමට සමත්විය.

පාකිස්ථාන ඉනිම වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 69ක් හා ෂොහයිබ් මලික් ලකුණු 69 ලබා ගනිමින් සිය පිල ජයග්‍රාහී ඉම වෙතට රැගෙන ඒමට සමත්විය.