Posted on 11.22.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ඊයේ ලෙබනන් හිටපු අගමැතිවරයා බීරූට් නගරයට පැමිණීමට පෙර ඊජිප්තුවේ කයිරෝ නුවරදී එරට ජනාධිපති අබ්දේල් පටාල් අල් සිසිලිද හමුවිය. ඉන් අනතුරැව සයිප්‍රස් ජනිධිපිත නිකෝස් ඇනෙස්ස්ටසයිඩ්ද හමුවිමට කටයුත් කර ඇති බව ලෙබනන් නහානෙට් ප්‍රවෘත්ති සේවය වාර්තා කර ඇත.
මෙම මස හදිසියේ සෞදි සංචාරයක නිරතව සිටයදී ඉල්ලා අස්වූ සාද් හරීරි ඊයේ නැවත සිය රට බලා පැමිණ තිබේ.මෙම හදිසි ඉල්ලා අස්වීම පිළිබදව සෞදි රජයට චෝදනා එල්ලවී තිබේ එසේ චොදනා රල්ල කළ අය අතර ලෙබනන් ජනාධිපතිවරයාද සිටී ඔහු පසුගියදා ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ සිය අගමැතිවරයා සෞදියට ගිය පසුව හදිසියේ ඉල්ලා අස්වීම අදහාගත නොහැකි දෙයක් බවත් සාද් හරීරී සෞදි අරාබියේ දේශපාලන සිරකරුවක ලෙස පත්ව ඇති බවයි. මෙම අර්බුදය යම් පමණකට සමනය වන තත්වයක් දැන් උද්ගතව ඇතත් ලෙබනන් අගමැකිවරයා සෞදියේ බලපෑමට අනුව ලෙබනන් හිස්බුල්ලා සංවිධානයට ඉරානය විසින් ලබා දෙන සහයෝගය හේතුවෙන් කලාපීය දේශපාන ගැටලු මතුව ඇති බවත් ඊට අමතරව සිය ජීවිතයට පවා දැඩි තර්ජය ඇති බැවින් තමා ලෙබනන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව සෞදියේ සිට ප්‍රකාශ කැ තිබුනි.
මේ තත්වය පසුගිය සතිය තුල මැද පෙරදිග කලාපය තුලත් ජාත්‍යන්තරවත් සංවාදයට පත්වූ ප්‍රවෘතියක් වුනි. කෙසේ වෙතත් ඉරානය හා සෞදිය යන කලාපීය දේශපාලන බලවතුන් දෙදෙනාම ලෙබනන් ගැටුලුව තමතමන්ට අවශ්‍ය ලෙස හුවා දක්වමින් ජාත්‍යන්තර මාධය තුල අදහස් දක්වා තිබුනි.