පොලිසිය බලා ඉදිද්දි සුලු අපනයන බෝග ගොවීන්ට, ගහලා!
Posted on 07.13.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ගම් මිරිස් සඳහා නිසි මිලක් ලබා දෙන්නැයි ඉල්ලමින් ගොවීන් විසින් ඇඹිලිපිටිය රත්නපුර ප‍්‍රධාන මාර්ගය හරස්කර අද (13) පල්ලෙබැද්ද නගරයේ පැවැත්වූ උද්ඝෝෂණයකට මැර ප‍්‍රහාරයක් එල්ල විය.
ගම්මිරිස් ආනයන නෙ එම ඒම නිසා ලංකාවේ ගම්මමිරිස් මිල සීග‍්‍ර ලෙස පහත බැස ඇති බවත්ජ ගම්මිරිස් ගෙන්වීම වහාම නවත්වා වගා හානි සදහා අවධානය නොදුනහොත් පල්ලෙබැද්ද නගරයේ තුන්තොට හන්දියට රැස්වූ දහසකට ආසන්න පිරිසක් ගම්මිරිස් වැල් ආදිය අතැතිව විරෝධතා පුවරුද සමග එක්ව රැස්වී රත්නපුර ඇඹිලිපිටිය ප‍්‍රධාන පාර අවහිර කරමින් ටයර් ද පුළුස්සමින් රතිඤ්ඤා ද පත්තු කරමින් උද්ඝෝෂණ කළහ.
මෙරටට ගම්මිරිස් සඳහා වැඩි මිලක් ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවත් උද්ඝෝෂකයෝ කීහ. උද්ඝෝෂණය ආරම්භ කර විනාඩි පහළොවක් පමණ ගතවූ පසු රත්නපුර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා ද එතැනට පැමිණියේ ය. මන්ත‍්‍රීවරයා උද්ඝෝෂකයන් අමතමින් පාරේ එක පැත්තක් වාහනවලට විවෘත කරන්නැයි ඉල්ලමින් පෙළපාලියකින් පල්ලෙබැද්ද නගරයට යන්නට ආරාධනා කළේ තමන් ද එන බව පවසමිනි. එහි රැස්ව සිටි පිරිසක් පාරේ කොටසක් විවෘත කරනවාට විරුද්ධ වුහ. පෙළපාලියෙන් පල්ලෙබැද්ද නගරය කෙළවරේ ඇඹිලිපිටිය දෙසට ඇති ගල්පාය හන්දියට පැමිණි උද්ඝෝෂකයෝ ගල්පාය හන්දියේදී පාර මැද වැතිර විරෝධය පළකරන්නට වූහ.
පාරේ එක් පැත්තක් වාහන ගමනාගමනයට ඉඩ දෙන්නැයි පොලීසිය ඉල්ලා සිටිය ද උද්ඝෝෂකයෝ එය ප්‍රතික්ෂේප කළහ. එසේ පැය දෙකකට ආසන්න කාලයක් උද්ඝෝෂණය පවත්වාගෙන යද්දී හිස්වැසුම් අතැතිව පැමිණි හය හත් දෙනකුගෙන් යුත් පිරිසක් උද්ඝෝෂකයන් අතරට වැද ගැටුමක් ඇති කරගත්තේය. මදවෙලාවකින් දෙපිරිස අතර එය ගැටුම නිසාඋද්ඝෝෂකයන්ට මැරයින් හිස් වැසුම් වලින් ද පහර දුන්නහ. අවහිර වී තිබූ මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා ඉන්පසු ඉඩ සැලසිණි.

Save
Save
Related News