தமிழ்
English
Contact
Saturday 26th August 2017    
සුදු ජාතිකවාදයට එරෙහි බොස්ටන් නගරයේ උද්ඝෝෂණ « Lanka Views | Views of the truth

සුදු ජාතිකවාදයට එරෙහි බොස්ටන් නගරයේ උද්ඝෝෂණ



එක්සත් ජනපදයේ බොස්ටන්හිදී පැවැති සුදු ජාතිකවාදීන්ගේ නිදහසේ කථිකාවේ රැළියට එරෙහිව දහස් දණන් එරට වැසියන්  නාසි විරෝධී සටන් පාඨ කියමින් දැවැන්ත පාගමන් හා උද්ඝෝෂණ ව්‍යාපාරයක් අරඹා ඇති බව වාර්තාවේ.

පසුගිය සති කිහිපයක සිට එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයක් පුරා නාසිවාදී සුදු ජාතිකවාදීන් හා එයට එරෙහිව වූවන් හා ගැටුම් හටගැනුනි. ඒ සමගම එක්සත් ජනපදය පුරා පැවැති සමූහාන්ඩුවාදී ජාතික නායකයින්ගේ පිළිරු කඩා බිදි දැමීමේ ප්‍රවණතාවක් සුදු ජාතිකවාදීන් විසින් ආරම්භ කළේය.

මේ වන විට එක්සත් ජනපදය  පුරා මෙම සුදු ජාතිකවාදීන් හා එරට වාමාංශික හා ජාතිවාදී නොවන වැසියන් අතර ගැටුම් හටගෙන ඇත. ඊයේ සුද් ජාතික වාදීන්ට එරෙහි දැවැන්ත උද්ඝෝෂණ පාගමණක් බොස්ටන් නුවර පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සුදු ජාතිකවාදයට විනාශය, නාසිවාදී බිය නැවතත්, ෆැසිස්ට්වාදයට එරෙහිවනු යනුවෙන් සටන් පාඨ කියමින් මෙම උද්ඝෝෂකයින් සිය පෙළපාලියේ ගමන් කරමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වත්මන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතිකවාදී අදහස් හා ක්‍රියා කලාපය හේතුවෙන් පසුගිය කාලයේ යටපත්ව තිබූ එරට ජාතිකවාදී බලවේගයන් දැන් නැවත හිස ඔසවා ඇති බව මෙම සිදුවීම්වලින් තහවුරුවේ.




Related News