Posted on 08.19.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
රයන් ජයලත් ශිෂ්‍යයාගේ මව්පියන්ට දිනපතාම පාහේ පොලිසියෙන් හා වෙනත් පුද්ගලයන් විසින් හිරිහැර සිදුවන බවත් පුත්‍රයා යෙදී සිටින කටයුතුවලින් වළක්වා නිවසට කැදවාගන්නා ලෙස සහ එසේ නොකළහොත් කරදර වියහැකි බවට තර්ජනය කර ඇත.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් ශිෂ්‍යයා පසුගියදා තමන්ට එරෙහිව සෞඛ්‍ය බලධාරින් ගොනුකළ චෝදනා සම්බන්ධ නඩු විභාගයකට පෙනී සිටි අවස්ථාවේ ඔහු අගෝස්තු 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. එසේ වුවද පොලිසිය දිනපතා ඔහුගේ නිවසට ගොස් මෙසේ තර්ජනය කරන බවත් මීට පෙර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සිදුව ඇති දේ කල්පනා කරන ලෙසත් ඔවුන් මව්පියන් හමුවේ තර්ජනාත්මකව ප්‍රකාශ කර තිබේ.