தமிழ்
English
Contact
Saturday 28th October 2017    
සියෙරා ලියොන්හි 600ක් නායයෑමෙන් අතුරුදහන් « Lanka Views | Views of the truth

සියෙරා ලියොන්හි 600ක් නායයෑමෙන් අතුරුදහන්



සියෙරා ලියොන් අගනුවර වන ප්‍රීටවුන්හි නගරයෙ මධ්‍යයේ පිහිටි කන්දක් හදිසියේ නාය යාම හේතුවෙන් එහි පදිංචි සිටි පුද්ගලයන් 600 දෙනෙකට වැඩි පිරිසක් අතුරුදහන්ව අති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ජාතික අපදාව සමබන්ධයෙන් එරට ජනාධිපතිවරයා පවසා ඇත්තේ හැකි ඉක්මණින් තම රටට  කඩිනම් සහන සළසාදීමට කටයුතු කරන ලෙස ජාත්‍න්තර ප්‍රජාවගෙන් ඉල්ලා ඇත. අතුරුදහන්වූ අය අතරින් 400 දෙනෙකු නිශ්චිත ලෙසම මියගොස් අති බව පසුව සියෙරා ලියොන් රජය මගින් නිකුත් කළ නිවේදනයකින් පවසා ඇත.

පසුගිය සදුදා ඇදහැළුණු අධික වර්ෂාවෙන් පසුව එරට අගනුවර ප්‍රදේශය ජල ගැලීම්වලට ලක්ව තිබේ. බටහිර අප්‍රිකානු රටක් වන සියරො ලියොන්හි පසුගිය කාලයේ කොළරව, අතීසාර හා උණසන්නිපාතය වැනි වසංගත රෝග බහුල ලෙස පැතිර ගොස් තිබුනි මෙම ජල ගැලීම් හා නායයෑම්වලින් පසුව එම තත්වය තවත් දරැණුවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇත.

අධික ජනහනයකින් යුතු වෙරළබඩ නගරයක්වන ප්‍රීටවුන්හි පොදු සනීපාරක්ෂක පහසුකම් ඉතාමත් දුර්වල මට්ටමක පවතින බව වාර්තාවේ.




Related News