Posted on 09.23.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
වසර ගණනාවක සිට වෙනම ස්වාධීන රාජ්‍යයක් උදෙසා සටන් කළ කුර්දිස්ථාන් ව්‍යාපාරය විසින් මෙම මස 25 වැනිදා උතුරු ඉරාකයේ කුර්දිස්ථාන් පාලන ප්‍රදේශය තුල ස්වාධීනත්වය ලබා ගැනීමේ ජනමත විචාරණයක් පැවැත්වීමට සුදානම් වේ.
කුර්දිවරු මැදපෙරදිග කලාපයේ හතරවන විශාලතම ජාතිකක්වය ලෙස සැලකේ. නමුත් ඔවුන්ට වෙනම ස්වාධීන රාජ්‍යයක් නොමැත. එබැවින් කුර්දිවරුන් වසර ගණනාවක සිට තුර්කිය, ඉරානය, ඉරාකය හා සිරියාව යන රටවල ජීවත්වෙමින් ඔවුන්ගේ අන්‍යතාවය සදහා දිගු කාලක සිට වෙනම කුර්දිස්ථානයක් සදහා වන අරගලයක නිරතව සිටී.
මෙවන් පසුබිමක 1991 වසරේ ඉරාකයේ සදාම් හුසේන් පාලනයට එරෙහිව ගල්ෆ් යුද්ධය ආරම්භ කිරීමත් සමග එවකට ඉරාක හමුදාව එම ප්‍රදේශයෙන් ඉවත්වීමත් සමග කුර්දිවරු සිය පාලනය සදහා වූ වෙනම පරිපාලන ඒකකයක් ස්ථාපිත කරගත්හ. සිය ප්‍රාදේශීය පාලනයක් සදහා වන පාර්ලිමේන්තුවක් හා ජනාධිපතිවරයෙක් මේ වන විට පත් කරගෙන සිටී. ඔහු කුර්දිනායක මසූඞ් බර්සානීය.
ඔහු පවසන්නේ සැප්තැම්බර් මස 25 දින ජනමත විචාරණය අනිවාර්යෙන්ම පවත්වීමට කටයුතු කරන බවයි. ඒ සදහා ඉරාකයේ අවසරය ලබා ගැනීමට තමාට අවශය නොවන බවයි.
ඉරාකයේ සුන්නි, ෂියා සහ කුර්දි වශයෙන් ජාතිකත්වයන් කිහිපයක් ජීවත්වන රාජ්‍යයකි. එහි කුර්දිවරුන් ජීවත් වන්නේ ඉරාකයේ උතුරු පළාතේ කුර්දිස්ථානය ලෙස හැදින්වෙන කොටසෙහිය.
කුර්දිස්ථාන වැසියන් බහුතරයකගේ ඉල්ලීම වී ඇත්තේ කුර්දිස්ථානය වෙනම රටක් ලෙස ඉරාකයෙන් වෙන්වී සිටීමටය. ඒ වෙනුවෙන් ජනමත විමසුමක් පැවැත්වීමට කුර්දි වැසියන් කුර්දිස්ථාන බලධාරීන්ට බල කරන බව කුර්දිස්ථාන් පාලනය පවසයි.
මෙම ජනමත විචාරණයට ඉරාක අගමැති හයිදර් අල් අබාදී සිය බලවත් විරෝධය පළකර ඇතත් එය නොතකා ජනමත විචාරණය පැවැත්වීමට මේවන විට කුර්දිස්ථාන් ප්‍රාදේශීය පාලන කටයුතු කරමින් සිටී.
ඉරාකය පමණක් නොව අසල්වැසි ඉරානයත්, තුර්කියත් මෙම ජනමත විචාරණයට විරෝධය පළ කර තිබේ. ඉරාක අගමැතිවරයා පවසන්නේ කුර්දිස්ථානයේ ජනමත විමසුමක් පැවැත්වීම, ඉරාක ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් ලෙසයි.
මෙසේ එළැඹෙන 25 වැනි දින කුර්දිස්ථානයේ ජනමත විමසුමක් පැවැත්වී මගින් සිදුවන්නේ කලාපය තුල නව අර්බුදයක් නිර්මාණය වීමත් නැවත අසල් වැසි රටවල් සිවිල් යුද තත්වයක් නිර්මාණය වීමට ඉඩ හැරීමක් බව ඉරාක අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.
අන්තර් අධිරාජ්‍යවාදී ගැටුම් හමුවේ කුර්දිස්ථාන් ජනතාවගේ ස්වාධීන අනන්‍යතාවයන් ආරක්ෂා කරගැනීමේ ඉඩක් හෝ හැකියාවක් මේ වන විට මැදපෙරදිග කලාපය තුල නොමැත. කළාපීය ගැටුම් හා ජාතිකත්වයන් අතර ගැටුම් අවුළුවා කලාපී රටවල් සතු ඛණිජ තෙල් සංචිත අත්පත් කරගැනීමේ උවමනාවන්ට අනුව කුර්දිස්ථාන් ජනමත විචාරණය මෙහෙයවනු ඇත.