ස්නෝඩන්ට රැකවරණය දුන් ලාංකිකයන්ට රැකවරණ අහිමිවේ
Posted on 05.15.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
එඩ්වඩ් ස්නෝඩන්ට රැකවරණය සැපයූ ලාංකිකයන්ට හොංකොංහි දේශපාලන රැකවරණ නොලැබේ. මීට වසර තුනකට පෙර එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක ඒජන්සියේ සේවයේ නියුතු එඩ්වඩ් ස්නෝඩන් සිය රට තුල සිදුකරනු ලබන පුරවැසියන්ගේ තොරතුරු ලබා ගැනීමේ හා එක්රැස් කිරීමේ ක්‍රියාවලිය හෙළි කළේය.
මෙම හෙළි කිරීමත් සමග ලොව පුරා මහත් කැළඹීමක් ඇතිවිය. මෙම සිදුවීමත් සමග ස්නොඩන්ව අත්අඩංගුවට ගැනීමේ අනතුරක් මතුවිනි. එක්සත් ජනපදයෙන් හොංකොං බලා පිටත් වූ ස්නෝඩන් එහි රහසිගතව සති දෙකක් පමණ රැදී සිටින්නට සමත් විය
එසේ රැදී සිටින්ට උදවු කරනු ලැබුයේ හොංකොංහි සේවය කළ ලාංකික දෙනෙකු හා පිලිපීන කාන්තාවක්ය. මෙම සිදුවීමෙන් පසුව ස්නොඩන් රුසියාවේ දේශපාලන රැකවරණ පැතීය.
ලාංකිකයන් දෙදෙනා හා පිලිපීන කන්තාව පසුව හොංකොංහි දේශපාලන රැකවරණ ඉල්ලා සිට ඇත. නමත් අද දින ඔවුගේ ඉල්ලීම හොංකොං ආගමන විගිමන පාලකවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ නමුත් එරට නීතිඥයින් මගින් කැනඩාවේ දේශපාලන රැකවරණ ලබා ගැනීමේ ඉල්ලුම් පතක් ඉදිරිපත් කිරීමට නියිමිත බවද වාර්තාවේ.
Related News