සහල් යළිත් පිටරටවලින් ගෙන්වයි!
Posted on 06.28.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පාරිභෝගිකයාට සහල් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි.
දේශීය වෙළෙඳපොළේ සහල් මිල නොවෙනස්ව තබාගැනීමට හා හිගයක් ඇති නොවනු පිණිස ඉන්දුනීසියාව, තායිලන්තය හා පාකිස්තානය යන රටවලින් සහල් ආනයනය කිරීමට නියමිතව ඇත. ඊට අදාළ රටවල රටවල තානාපතිවරු සමග ඉකුත්දා අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමතිවරයා එම රටවලින් මිල ගණන්ද විමසා ඇත. මෙසේ ආනයනය කෙරෙන සහල්, විශේෂඥ කණ්ඩායමක් යටතේ පරීක්ෂා කර බලා පළමු අදියර යටතේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් සතොස හරහා කඩිනමින් ආනයනය කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පවසයි.
Related News