தமிழ்
English
Contact
Saturday 30th September 2017    
සර්ජි ලැව්රෝ හා රෙක්ස් ටිලර්සන් හමුවක් « Lanka Views | Views of the truth

සර්ජි ලැව්රෝ හා රෙක්ස් ටිලර්සන් හමුවක්



මේ දිනවල එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරය නිවියෝර්ක් නුවර පැවැත්වෙන අතර තුරු රුසියානු විදේශ ඇමති හා එක්සත් ජනපද විදේශ ලේකම් අතර හදිසි හමුවක්  පසුගිය ඉරිදා දින නිව්යෝර්ක්හිදී පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම රුසියානු හා ඇමරිකානු විදේශ කටයුතු ප්‍රධානීන් දෙදෙනාගේ හදිසි හමුව කලින් යොදාගෙන පැවැති එකක් නොවන බවත්.   දෙදෙනා අතර පැවැති සාච්ඡාවලදී විශේෂ අවධානයට ඉරානයේ න්‍යෂ්ඨික කටයුතු හා කොරියානු අර්බූදය යන කරුණු යොමුවන්ට ඇති බවට විදෙස් මාධ්‍ය අවධාරණය කර තිබේ.

සිරියානු අර්බූදයේ වත්මන් තත්වය හා එහි ස්ථපිත කළ සටන් විරාම කලාපය හා යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ උද්ගතව තිබෙන අර්බූදකාරී තත්වය හා එම කලාපයන්ට එක්සත් ජාතීන්ගේ සම සාධක භටයන්ගේ මැදිහත්වීමක් පිළිබදව බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දේ.




Related News