සයිටම් වසනු රටපුරා උද්ඝොෂණ
Posted on 05.05.2017 by Lasantha Ranaweera in දේශීය පුවත් with 0 Comments
අද දින ක්‍රියාත්මක වැඩ වර්නයට සහය පල කරමින් දිවයිනපුරා උද්ඝොෂණ මාලාවක් සයිටම් විරෝධි සිසු ජන ව්‍යාපාරය විසින් සංවිධානය කොට තිබිණි. මේ වනවිට කොළඹ ජාතික රෝහල ඉදිරිපිට, හලාවත රෝහල ඉදිරිපිට, කරාපිටිය රෝහල ඉදිරිපිට, බදුල්ල මහා රෝහල ඉදිරිපිට, අනුරාධපුර මහා රෝහල ඉදිරිපිට, IDH රෝහල් මංසන්දියේ දී, කිරිබත්ගොඩ නගරයේ දි, කෑගල්ල නගරයේදි උද්ඝොෂණ ක්‍රියාත්මක විය. ඊට විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, වෛද්‍යවරු ඇතුලු රොහල් කාර්ය මණ්ඩල, දෙමාපියන් සහබාගි වි තිබේ. ප්‍රදේශයේ ජනතාවගේ විශාල සහයක් හමිවිම මෙහි විශේෂත්වය විය.
මෙම ක්‍රියාමාර්ගයට සමගාමිව දිවයින පුරා ජනතා දැනුවත් කිරිමේ වැඩ සටහනක් ද ක්‍රියාත්මක කොට තිබිණි. එහිදි සෑම රෝහලකම හා සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන නගරවල දැනුවත් කිරිමේ වැඩ සටහන ක්‍රියාත්මකකොට තිබිණි.
Related News