Posted on 07.20.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
එකගතා පරිදි සයිටම් ආයතනය සම්බන්ධ කටයුතු නොකර ගැටලුවට ව්‍යාජ විසඳුම් ක්‍රියාත්මක කළහොත් තම සංගමයට දැඩි තීන්දු තීරණවලට එළඹීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ(19) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. ඔහු එහිදී විශේෂයෙන් අවධාරණය කලේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ක‍්‍රියාකලාපය පාලනය කිරීමට අග‍්‍රාමාත්‍යවරයා පියවර ගත යුතුයැයි තමන් විහ්වාස කරන බවයි. වෛද්‍ය හරිත අලුත්ගේ තවදුරටත් පවසා සිටියේ ආණ්ඩුව ප්‍රචාරය කළ ආකාරයට මාළඹේ වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමක් සිදුකර නොමැති බවයි.