தமிழ்
English
Contact
Friday 3rd May 2019    
‘‘සත්හඬ’’ මාධ්‍යවේදියාට එල්ල කළ ප‍්‍රහාරය, මාධ්‍යවේදීන්ගේ වෘත්තීයමය අයිතියට එල්ල කළ ප‍්‍රහාරයක් - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘‘සත්හඬ’’ මාධ්‍යවේදියාට එල්ල කළ ප‍්‍රහාරය, මාධ්‍යවේදීන්ගේ වෘත්තීයමය අයිතියට එල්ල කළ ප‍්‍රහාරයක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය



‘‘සත්හඬ’’ පුවත්පතේ විශේෂාංග කර්තෘවරයෙකු සහ පරිසර මාධ්‍යවේදියකු වන දයා නෙත්තසිංහ මාධ්‍යවේදියාට ජූලි මස 12 දා, ගාල්ල නෙලූව ප‍්‍රදේශයේ දී එල්ල කර ඇති ප‍්‍රහාරය හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍යවේදීන්ට නිදහසේ තම වෘත්තීය කටයුතු කර ගෙන යෑමට නොහැකි ලෙස සැලසුම්සහගත ප‍්‍රහාර එල්ල කිරීමට තව දුරටත් හැකියාව තිබීම ගැන කණගාටුව පළ කරයි. මාධ්‍යවේදී දයා නෙත්තසිංහ මෙම ප‍්‍රහාරයට ලක් වී ඇත්තේ දකුණු පළාතේ, ගාල්ල, නෙලූව ප‍්‍රදේශයේ දෙල්ලව ගමේ ‘‘නාථරාම’’ විහාරස්ථානයේ පැවැති, පරිසරයට හානිකර කුඩා ජලවිදුලි බලාගාරයක් සම්බන්ධයෙන් කෙරුණු සාකච්ඡුාවක දී පරිසර මාධ්‍යවේදියකු වශයෙන් අදහස් ප‍්‍රකාශ කරමින් සිටියදීය.

2012 වසරේ අනුමැතිය ලබා, අදාල ප‍්‍රදේශයේ ඇති ආඳාදොළ නම් අතු ගංගාව හරස් කර ඉඳි කරමින් යන මෙම කුඩා ජල විදුලි බලාගාරය නිසා අවට ප‍්‍රදේශයට සිදු වන පරිසර හානිය ගැන තවත් මාධ්‍යවේදීන් ද වාර්තා කර තිබූ අතර පරිසර මාධ්‍යවේදී දයා නෙත්තසිංහ ද නිරන්තරයෙන් තම පුවත්පතට වාර්තා කර ඇත. පසුගිය දා පැවැති මාතර දිස්ති‍්‍රක් ප‍්‍රගති සමාලෝචන රැුස්වීමේ දී පරිසර අමාත්‍යවරයා ද වන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ අවධානයට මෙම කරුණු යොමු වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සපයන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දී ඇත. එවැනි තත්ත්වයක් තුළ කලබලයට පත් වී සිටින මෙම ව්‍යාපෘතියට සහයෝගය දක්වන පසුගිය රජයේ හිටපු අමාත්‍යවරයෙකු වෙනුවෙන් පෙනී සිටින පිරිසක් ද සහභාගී වී සිටි ඉහත කී රැුස්වීමේ දී අදහස් දක්වන්නට ඉදිරිපත් වූ මාධ්‍යවේදියාට ඔවුන්ගෙන් කිහිප දෙනෙකු එක්වී පහර දුන් බව වාර්තා වේ. ඔහු අදහස් ඉදිරිපත් කර ඇත්තේ අදාල නිලධාරීන් විසින් මාධ්‍යවේදින්ට සහ පරිසවේදීන්ට අදහස් ඉදිරිපත් කරන්නට ආරාධනා කළ අවස්ථාවේය. පහර කෑමට ලක් වූ මාධ්‍යවේදියා අනෙකුත් ගම්වැසියන්ගේ මැදිහත් වීමෙන් බේරා ගෙන ඇති අතර නෙලූව රෝහලට ඇතුළත්ව ප‍්‍රතිකාර ලබා පිට වී ඇත.

මෙම ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන, මාධ්‍යවේදීන්ගේ වෘත්තීමය අයිතියට ප‍්‍රහාර එල්ල කිරීම වරදක් බව සමාජයට දැනුම්දීමට හැකි ආකාරයෙන් නීතිමය කි‍්‍රයා මාර්ග ගන්නා ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

සීතා රංජනී – කැඳවුම්කරු

සී. දොඩාවත්ත – ලේකම්




Related News