සණස සමිතිවලටත් බදු ගහයි
Posted on 05.08.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සාමාන්‍ය ආදායම් සහිත ජනයාගේ ඉතුරුම්වලින් ගොඩනැගුණ සමුපකාර ණය දෙන සමිතිවල (සණස) ආදායමෙන් 10%ක බද්දක් අය කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. සණස සමිතිවල ආදායමෙන් 10%ක් ව්‍යවස්ථානුකූලවම සමුපකාර දෙපාර්තමේන්තුවට ගෙවනු ලබයි. මෙම නව බද්ද පනව තිබෙන්නේ ඊට අමතරවය. සණස සමිති සාමාජිකයන් පෙන්වා දෙන්නේ මෙමගින් සණස ව්‍යාපාරය බිඳ වැටීමේ අවදානමක් පවතින බවයි.
මේ සම්බන්ධයෙන් ‘ලංකාවිව්ස්’ වෙත අදහස් දැක්වූ ගාල්ල දිස්ත‍්‍රික්කයේ සණස සමිතියක නිලධාරියකු පැවසුවේ, සණස සමිතිවල පවතින මුදල් රජයෙන් ලබා දුන් ඒවා නොව, සාමාජිකයන්ගේ මුදල් බවයි. එම මුදල්වලට බදු ගැසීම පිළිබඳව විරෝධය පළ කරන බවද ඔහු පැවසීය.
මෙම නව බද්දට විරෝධය පළ කිරීමට ගත හැකි ක‍්‍රියාමාර්ග පිළිබඳව සණස සමිතිවල නිලධරීන් ඒ ඒ ප‍්‍රදේශ මට්ටමින් රැස් වී සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වේ. ඒ අනුව ඉදිරියේදී සණස සාමාජිකයන් උද්ඝෝෂණික ක‍්‍රියාමාර්ග වෙත අවතීර්ණ වනු ඇති බවද වාර්තා වේ.
වෘත්තීය සමිතිවල සාමාජික අරමුදල්වලින්ද බදු අය කර ගැනීමට පසුගියදා රජය තීරණය කළේය.
Related News