Posted on 08.22.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
එක්සත් ජනපදයේ නව රුසියානු තානාපති ලෙස ඇනටෝලි ඇන්ටනොව් පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජනපදයේ නව තානාපතිවරයා ලෙස රුසියානු ජනාධිපතිවරයා විසින් ඊයේ මෙම නව පත් කිරීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වොෂින්ටන්හි හිටපු රුසියානු තානාපතිවරයා වන සර්ජි ක්‍රිස්ලයාක් වසර නමයක් එක්සත් ජනපදයේ රුසියානු තානාපතිවරයා ලෙස කටයුතු කර පසුගිය ජූලි මස සිය සේවය නිමවා රුසියාව වෙත පැමිණියේය.
නව රුසියානු තානාපතිවරයා 2016 දක්වා වසර හයක් රුසියානු නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කර ඇත. ඉන් පසුව නියෝජ්‍ය විදේශ කටයුතු ඇමතිවරයා ලෙස නව පත්වීම දක්වා කටයුතු කර ඇත.
1978 වසරේ සිට රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ විවිධ තනතුරු හොඹවා ඇති ඇනටෝලි ඇන්ටනොව් විදෙස් රටවල් ගණනාවක සේවය කර තිබේ. මොහු රුසියානු විදෙස් සේවාවේ අත්දැකීම් බහුල අයෙක් ලෙස සැලකේ. පසුගිය කාලයේ රුසියානු හා එක්සත් ජනපදය අතර තානාපති සබදතාවල යම් ගැටලුකාරී තත්වයන් මතුවිය.
විශේෂයෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී එරට මැතිවරණ කටයුතුවලට රුසියානු මැදිහත්වීමක් තිබුනු බවට ඩිමොක්ක්‍රටික් පක්ෂය විශ්වාස කරයි. මේ වන විට රුසියානු මැදිහත්වීමක් තිබුනාදැයි සෙවීම පිළිබදව එරට සෙනෙට් මණ්ඩල හා කොංග්‍රස් මණ්ඩල මගින් පරීක්ෂණයක් පැවැත්වේ.
මෙවන් පසුබිමක් යටතේ නව රුසියානු තානාපතිවරයාට කටයුතු කිරීමට සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.